බාලාට චරිත සහතික දුන් මීගමුව රෝහලේ වෛද්‍යවරයා කව්ද?

0
339

වෛද්‍ය වෘත්තියට නිගාදුන්  සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයා විසින් මීගමුව රෝහල තුල  අවස්ථා කිපයකදි නොහොබිනා ලෙසින් හැසිරි තිබියදි මෙන්ම තරැණියක් දුෂණය කොට ඝාතනය කිරිම ගැන චෝදනා ලැබ සිටියදි ඔහුගේ වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය වෙනුවෙන් චරිත සහතිකයක් දෙන්නට ඉදිරිපත් වු වෛද්‍ය වරයෙක් ගැන වෛද්‍ය කවුන්සිලය පවසා සිටියි.

ඔහු කව්ද?

එමෙන්ම අදාල සිමාවාසික වෛද්‍යවරයා විසින් වරක් රෝහලේ නේවාසිව ප්‍රතිකාර න් සිටි තරැණියක් සිය කාමරයට රැගෙන ගොස් අතරවයක් කිරිමට තැත් කිරිම පිළිබදව චෝදනා එල්ල වි අර තරැණියගේ පෙම්වතාගෙන් ගුටි කෑ විට මීගමුව රෝහලේ වෛද්‍යවරයෙක් ඉක්මන් වි තිබුනේ අර තරැණිය උමතු රෝගයකින් පෙළෙන්නේ යැයි කියන්නටය.

ඒ වෛද්‍යවරයා කව්ද.?

වෛද්‍යවෘත්තියට නොගැලපෙනම සුදුසුකමක් වු ස්ත්‍රි  ලෝලියෙකුට බෙහෙත් ශාලාවක් භාර දෙන්නට තරම් වු අශිලාචාර වෛද්‍යවරයෙක් ගැනද අපට දැන් අසන්නට ලැබි ඇත.වෛද්‍ය කවුන්සිලයේ නියමයන්ටද පිටින් යමින් වැරැද්දක් කර ඇති මේ වෛද්‍යවරයා සමාජයට කියා සිටින්නේ විකෘති කාමාශාවකින් පෙළෙන මිනිමරු  චෝදනා ලැබ සිටින්ෙනක්  බෙහෙත් ශාලාෙව් තබා තමාට ගාන කැපෙන්නේ නම් කමක් නැති බවද??