බාල දක්ෂ දිසා රැළියේ දෙවන දිනය

0
552

015 මීගමු දිසා බාලදක්‍ෂ රැළියේ දෙවන දිනය අදයි. අද දින උදෑසන සිට බාලදක්ෂ කණ්ඩායම් තම තමන්ගේ කණ්ඩායම් කදවුරු සූදානම් කිරීමේ වැඩකටයුතු වල නිරත විය. ඒ සමගම අද සවස පැවැත්වීමට නියමිත සමාරම්භක උළෙලසදහා වූ මුලික සූදානම් කිරීම් ප්‍රධාන ක්‍රීඩා පිටිය තුල සිදු වේ. බාලදක්ෂ කණ්ඩායම් 12 ක් පමණ මේ වන විටත් රැළිය සදහා ලියාපදිංචි වී ඇත. බාලදක්ෂ බාලදක්ෂිකාවන් 270 ක් පමණ මේ වන විට කදවුරු භුමිය තුල කටයුතු කරමින් සිටි.
සවස 2 වන විට ආරම්භක උත්සවය පැවැත්වීමට නියමිත ඇත. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති හා නීතීඥය සංගමයේ සභාපති ගරු නීතීඥය උපුල් ජයසූරිය යන මහත්වරුද, විශේෂ ආරාධිතයින් වශයෙන් නීති ආධාර කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ රොහාන් සහබන්දු මහතා, ආසියා පැසිෆික් කලාපිය කමිටු සාමාජික හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, බස්නාහිර සහ දකුණු පළාත් භාර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් නීතීඥ කපිල කල්‍යාණ මහතා, විශ්‍රාමික රියල් අද්මිරාල් රොහාන් අමරසිංහ මහතා ඇතුළු තවත් ආරාධිතයින් රැසක් මේ සදහා සහභාගී වීමට නියමිතය.11040073_10205633864679878_1171301346_nඑමෙන්ම ශ්‍රී ලංකා ආදී බාලදක්ෂ සහ බාලදක්ෂිකා සංගමයේ සහයෝගය ද මේ සදහා ලැබේ.