Stories බැංකු නිළධාරින්ගේ වෙස් ගත් කොල්ල කල්ලියක් වෙන්නප්පුවේ ගෙදරකට බැහැලා ? By fgamage - 2015 October 14 0 118 FacebookWhatsApp නයිනමඩම ප්රදේශයේ නිවසක තනිවම සිටි වයස්ගත කාන්තාවකට රාජ්ය බැංකුවක නිළධාරින් දෙදෙනෙක් බව පවසා එම බැංකුවෙන් ක්රියාත්මක කල ලොතරැයියකින් එම කාන්තාවට දිනුමක් ලබා ඇති බවත් ජයග්රාහණය කල දිනුම් මුදල ලබා ගැනිමට ඇපයක් ලෙස නිවසේ තිබු රත්තරන් බඩු තොගයක් රවටා ලබාගෙන පලාගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස රවටා සොරාගෙන ඇත්තේ බටහිර නයිනමඩම ප්රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකට අයත් රන්බඩු තොගයකි ඊයේ 12 දහවල් මෙම සොරාගෙන යාම සිදු වි ඇති බවත් එම කාන්තාවට අයත් ලක්ෂ 4 ක් පමණ වටිනා පවුම් 8 න් යුත් වළලු 5 ක් හා මාලයක් එලෙස සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කීය දහවල් කැම ගනිමින් සිටියදි යතුරු පැදියකින් තම නිවසට පැමිණි දෙදෙනෙකු තමන්ගේ ගිණුම් ඇති බැංකුවේ නම පවසා එම බැංකුවෙන් දිනුමක් ඇදි ඇති බවත් ලක්ෂ දෙකක් වන එම දිනුම අද දිනයේ ලබා නොගතහොත් අවලංගු වන බව පවසා ඉක්මනින් එම දිනුම ලබා ගැනිමට ඇපයක් ලෙස නිවසේ ඔප්පුව හෝ වටිනා දෙයක් ලබාදෙන ඉල්ලා සිටි නිසා සොර සතුරන්ගෙන් අරක්ෂාකරලීමට ඉටි කොළයක ඔතා අරක්ෂිත තැනක වළලා තිබු එම රන්බඩු ගෙන එම දෙදෙනාට ලබාදුන් බවට එම කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වනබව පොලිසිය පැවසීය මෙවැනි වංචාකාරයන් පිළිබඳව සිවිල් අරක්ෂක කමිටු හරහා මෙන්ම මාද්ය මගින්ද ජනතාව දැනුවත් කරමින් සිටින බව හා ජනතාවද මෙවැනි අවස්ථාවල අවබෝධයෙන් කටයුතු කලයුතු බවත් මෙම වංචාකරුවන් සොයා පරික්ෂණ අරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශයේ නිළධාරියෙක් පැවසීය චන්දන ප්රනාන්දු