බැංකොක් වීදියක ප්‍රෝටින් බහුල කැරපොතු කරත්තය..???

0
703

carap 1carap 2carap 4carapothu 6carapothu 7පසුගිය දිනවල ලංකාවේ මාධ්‍යවල UN එක පිළිබදව අමුතුම කථාබහක් අැතිවෙලා තිබුනා. වෙනදා UN එක ”බයිට්” එකට ගන්න බොෙහාමයක් මාධ්‍ය අද UN එක විසින් යෝජනා කරල තියෙන ”බයිට්” එක ගැන කථා කළා.
එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක ආහාර සංවිධානය පහුගිය දවසක කියල තිබුනේ ලෝකයේ ආහාර අර්බුදයට විසදුමක් හැටියට කෘමි සතුන් ආහාරය සදහා ගැනිමට ඇති හැකියාව ගැනයි.
එමෙන්ම එහි ඇති අධි ප්‍රෝටින් සංයුතියන් ගැනත් සදහන් කරල තිබුණා
කෙසේ වුවත් දැනට ලෝක ජනගහනයෙන් මිලියන 2 කක් පමණ මෙසේ කෘමින් ආහාරයට එක්කර ගන්නා සංස්කෘතියකට හිමිකම් කියනවා.
මේ සංවාදයන් දිගහැරෙමින් තිබෙන අතරේ මට මතක් වුනේ බැංකොක් නගරයක දවසක් රාත්‍රියක මිතුරෙක් එක්ක බියර් එකක් බොන්න යන ගමන් බැදපු කැරපොත්තෝ විකුණන කරත්තයක් ලඟ නැවතුන අත්දැකිම.
මට මතක් වුනේම ලංකාවේ කඩල කරත්තේ.
අනේ මේක ඒ කඩල කරත්තේ උනානම් කියල මම හිතන කොටත් මගේ යාළුවා විවිධ වර්ගවලට අයත් බැදපු කෘමි ගොට්ටක් අරන් තලු මරනවා.
එයාට ලොකු කැමැත්තක් තිබුන මං එයත් එක්ක ඒ ගොට්ටට වගකියන්න එනවනම් කියල.
නමුත් බල කළේ නෑ.
මේ කැරපොතු කරත්ත අත්දැකිම 15 පාරක් විතර අත්දැකල තිබුනත් මට ඒක ඒ හැමවතාකම  ජායාරූපමය අවස්ථාවක් පමණක්ම උනා.
නමුත් මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමා එයාගේ  පවුල හැර අන් සියල්ල උගසට තියල බුරු ගහන මේ රාජ්‍ය පාලනය තවත් දිග් වුනොත් මට මගේ යාළුවාගෙන් කැරපොත්තෝ කන්න එයා පුරුදුවුන විදිය අහගන්නම වෙනවා.