බැදුම්කර කොට්ටෝරුවා ඇණ ගනී

0
61

Screenshot-from-2017-03-14-17-39-511-1024x576
මැක්කා ගැන රචනාව ලෙසින් සිරස ප්‍රවෘත්ති කොහොන් පටන් ගත්තත් අවසන් කරන්නේ බැදුම්කරයෙනි. දැන් සිරස කරන්නේ ඔිනෑම මාධ්‍ය සාකච්චාවක  බැදුම්කර ගැන ප්‍රශ්නයක් අසා එයට ලැබෙන පිළිතුරෙන් තමන් කැමැති කොටස පමණක් විකාශය කිරීමය.  පසුගිය කාලයේම  සිරස මාධ්‍යෙව්දීන් මාධ්‍ය සාකච්චාවලදී කළේ එයයි.  මේ නීච මාධ්‍ය භාවිතාව මාධ්‍ය සාකච්චා පවත්වන බොහො දෙනෙකුගේ පිළිකුළට ලක්වුවද  කිසිවෙකු එයට ප්‍රසිද්දියේ අභියෝග කරන්නේ නැත. වෙනත් බොහෝ තැන් වල චණ්ඩිවන අය මේ මාද්‍ය ඉදිරිපිටදී වැදගත් වීමට ගොස් දීන වන ආකාරය අප දැක ඇත. නමුත් ඒ සම්ප්‍රදාය ඊයේ වෙනස් විය. අළුත් ව්‍යවස්තාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ මංගල මාධ්‍ය හමුවට පැමිණි සිරස මාධ්‍ය කරුවෙකු  එහිදී ව්‍යවාස්තාව පිළිබදව කථිකයන් ඉදිරිපත් කළ සියලු කරුණු පසෙකලා සුපුරුදු බැදුම්කර ප්‍රශ්නය ඇසුවේය. එහිදී  මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ එය නොවන නිසා එයට පිළිතුරු දීම සංවිධායකන් ප්‍රතික්ෂේප කළේය. එහීදි එම මාධ්‍ය කරුවා දිගින් දිගටම බැදුම්කර ගැන කුමක් හෝ වචනයක් ලබා ගැනීමට නිර්ලඡ්ජිත උත්සායක නිරත වූ අතර එහිදී  අළුත් ව්‍යවස්තාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ  සම කැදවුම්කරුවෙකු වන ජේෂ්ඨ මාධ්‍යවේදි, රාවය කතෘ, නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන තේරෙන සිංහලෙන් ඔහුට මාධ්‍ය භාවිතාව ගැන කියා දෙන ලදි.