ගණකාධිකාරිට ගෙදර යන්න කිව්වේ නෑ- නගරාධිපති

0
93

මීගමු ව මහනගර සභා මාසික රැස්විම අද වෙනදාට වඩා මහත් උණුසුම් ව තිබුන බව වාර්ථා වේ.මීපර වෙබ් අඩවිය ගැනද පුළුල් සංවාදයක් මතුව තිබුණි.ඒ මන්ත්‍රිවරුන්ගේ සහ නගරයේ විවිධ අක්‍රමිතා පිළිබදව වෙබ් අඩවිය විසින් මතු කර තිබුන කරුණ සම්බන්ධයෙනි.
මෙහිදි අදහස් ඉදිරිපත් කළ නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා තමන් මාධ්‍ය සගයන් ඉතා අගයන බවත් වැරදි පෙන්වා දිම සිදුකල යුතු බවත්  සදහන් කර තිබුණි.තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා තිබුනේ පසුගිය මුදුල් කාරක සභාව සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියේ පළවු ගණකාධිකාරිට තර්ජන යන පුවත ගැන නගරාධිපති පවසා ඇත්තේ තමන් ගණාකාධිකාරිට බැරි නම් රස්සාව දාල ගෙදර යන්න කියා නොකි බවය.
එහෙත් අප ආරංචි මාර්ග තවදුරටත් සනාථ කර සිටින්නේ ගණකාධිකාරි වරයා නගරාධිපතිවරයාගේ මෙන්ම තවත් ඉහල පෙළේ දේශපාලන නායකයෙකුගේද  දෝෂාරෝපනයට ලක්ව ඇති බවය.
කෙසේ වෙතත් මීගමු නගර සභා පාලනය යටතේ මෙසේ  දේශපාලන අධිකාරියේ තර්ජන වලට ලක්ව මීගමුව හැරගිය නිළධාරින් කිපයක්ම විය.
ගණකාධිකාරිවරයාද මේ ලයිස්තුවට වැටේවිදැයි අප විමසිල්ලෙන් යුතුව බලා සිටින්නෙමු.