‘බැසිල්ගේ පළවෙනි ඩීල් එක’ ! -හර්ෂ ගෙන් හෙළිදරව්වක්

0
50

වැඩි මිලට චීනයට තවත් ව්‍යාපෘතියක් පැවරීම සම්බන්ධයෙන් ‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (ජුලි 11) විශේෂ හෙළිදරව්වක් කළේය.   ඒ, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් චීන සමාගමක ලබා දීම පිළිබඳව අදහස් දක්වමිනි.  

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එහිදී මෙසේ සඳහන් කළේය.   ”ආණ්ඩුව අපිට කිව්වා ගම්මන්පිල මහත්තයා කැබිනට් ප්‍රකාශක හැටියට, ‘චෙක්’ කියන චීන කොම්පැණියට අතුරුගිරියේ ඉඳලා පෝර්ට් සිටිය ළඟට එකතුවන නව කැලණි පාලම හදන්න බී.ඕ.ටී. ප්‍රොජෙට් එකක් හැටියට පාර දුන්නා.   

ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක කිලෝමීටර් 17 ක් ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ තමන්ගේ සල්ලි වියදම් කරලා මේක හදලා අවුරුදු 3 කින් මේක හදලා ඊට පස්සේ ඊට පස්සේ අවුරුදු 15 ක් ඒගොල්ලෝ මේකෙන් මුදල් උපගෙන අලාභය හදාගෙන අවුරුදු 5 කින් ආණ්ඩුවට නැවතත් මේ නව කැලණි පාලමේ ඉඳලා අතුරුගිරියට යන හයිවේ එක භාර දෙනවා කියලා.    දැන් මේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවෙලා කරන්න හදන පළවෙනි ඩීල් එක තමයි මේ.   

මොකද්ද කරන්න යන්නේ මේ කරන්න යන්නේ අර ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වා අපි ණය ගන්නේ නෑ මේ යටිතල පහසුකම් දියුණු කරන්න. මුදල් අමාත්‍යාංශය වෙනස් වුණායින් පස්සේ අපිට ආරංචි වෙන විදියට මේකේ පළවෙනි කැබිනට් පේපර් එක ගිහිල්ලා තියෙනවා. ඒක තව කැබිනට් පේපර් එකක් ඉස්සරහදී එනවා.     

  මොකද්ද කරන්න හදන්නේ ආණ්ඩුවෙන් මේ ආයතනයට විශාල මුදලක් ගෙවන්න සූදානම් වනවා. මාස 6 කට සැරයක් මේ පාරට ඩොලර් මිලියන 54 ගානේ අවුරුදු 15ක් ඩොලර් මිලියන 1,620 ක් මේ ගෙවන්නයි ලෑස්ති වෙන්නේ. 

රැම්සා තෙත් බිම් කලාපයට සිදුවන හානිය !    

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට යෝජිත මෙම මාර්ගයට රැම්සා තෙත්බිම් කලායක් ද අයත් වේ.”   මෙම ව්‍යාපෘතිය හරහා රැම්සා තෙත් බිම් කලාපයට සිදුවන්නට යන විනාශය පිළිබඳව ද ඔහු මෙහිදී හෙළිදරව් කළේ මෙසේය.   රැම්සා තෙත් බිම හරහා තමයි සෙකන්ඩ් ෆේස් එක රාජගිරියේ ඉඳන් අතුරුගිරියට මේ රැම්සා මේ තෙත් බිම් කලාපය කලාපය උඩින් තමයි යන්නේ කිලෝමීටර් 3.6 ක් වාගේ ප්‍රමාණයක්.

ඒ ප්‍රදේශයේ පුද්ගලයෝ පාරිසරිකවේදියෝ රිට් ආඥාවක් හරහා ඇපැල් උසාවියේ නඩුවක් දැම්මා. ඒ නඩුව අහන්නේ හෙට. අපිට ආරංචියි    මේ අතරවාරයේ මොකද්ද ආණ්ඩුවෙන් කරන්න යන්නේ රැම්සා හැටියට ගැසට් කරලා තියෙන තෙත් බිම් කලාපය දකුණු ආසියාවේ තියෙන එකම අගනුවර තියෙන එකම තෙත් බිම් කලාපය ගැසට් එක වෙනස් කරන්න යනවාලු.    ගැසට් එක වෙනස් කරලා මේ රැම්සා තෙත් බිම හරහා මේ පාර ගහන්න ඉඩ දෙන්න යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ රැම්සා තෙත් බිම විනාශ කරලා හරි, ඒ හරහා කෙටි කාලීන ආදායමක් ලබා ගන්න පුද්ගලික ආයතනයකට උදව් කරන්න බැසිල් මහත්තයා ලෑස්ති වෙනවා නම්, අපි බැසිල් මහත්තයාට කෙලින්ම කියනවා අපි ඕකට ඉඩ දෙන්නේ නෑ.”

  (News 1st)