බැසිල්ගේ පැමිණිම නිසා මහින්ද බලවේගයේ පිපිරිමක් ?

0
33

BRමහින්ද රාජක්ෂ කුරුණැගල කේන්ද්‍රකොට ගනිමින් සිදුකරගෙන දේශපාලන බලවේගයේ කටයුතු පසුගිය දිනවල මීගමුවට මාරුකොට තිබුණ අතර ඒවායේ සියළු සම්බන්ධිකරණයන් සහ බරපැන කටයුතු කළමණාකරණය කර තිබුනේ බැසිල් රාජපක්ෂ විසිනි.
කලක් නිහඩව සිටි බැසිල් දැන් යළිත් පිටියට පිවිස ඇත.
මේ පැමිණිමත් සමගින් කාලයක් තිස්සේ සියලු බාධාවන් මැද මහින්ද පිළ ශක්තිමත් කිරිමට විශාල පරිශ්‍රමයක් දැරු ප්‍රසන්න රණතුංග වැන්නන් කිසියම් කලකිරිමටක පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
බැසිල් පැමිණිමත් සමගින් ඇමති ලංසාද දැන් මේ මෙහෙයුමට තිරය පිටුපසින් එක්ව සිටි.
ඒ ගැනද ප්‍රසන්නලා වැන්නන්ට ඇත්තේ අවුලකි.
මහින්ද පිලේ සටන කිසිදා අත්නෑර ඉදිරියටම ගිය සරත් ගුණරත්න වැනි ජේෂ්ඨයන්ටද ඇත්තේ කළකිරිමකි.
එනම් තමන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කළ බැසිල්ලා වැන්නන් ගේ නායකත්වය ඉවසා සිටිමට සිදුව තිබිමය.
මෙවැන් පැල්ලමක් ඇතිවිය හැකි මහින්ද දැන සිටියද මහින්ද බලවේගය ඉදිරියට ගෙනයාමට නම් ඇති තරම් කළු සල්ලි පොම්ප කළ හැකි මෝරුන් වැඩි වැඩියෙන් සොයා ගතයුතුව ඇත.පසුගිය කාලය තුල කලු සල්ලි ඉල්ලම් පාදා ගත් මෝරුන් සිටින්නේ බැසිල්ගේ ඇසුරේය.