හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ වංචා දුෂණ පිළිබදව තවත් නඩුවක් සදහා කටයුතු වර්ධනය වෙමින් ඇති බව ලංකා ටෲත් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කර තිබේ.
ඔහු හා එක්ව කටයුතු කළ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම දේශපාලකයා වුයේ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසාය.
එහෙත් තවමත් ඔහු නිදැල්ලේය.??????????
පහත පළවන්නේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ තවත් එක් මාළිගාවක් ගැනය.
“රිවර් සයිඩ් විලා” නම් භූගත මහලක් සහිත මෙම අති සුඛෝපභෝගී නිවස ඉදිකළ සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගම එකී ඉදිකිරීම් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු මුදල වන රුපියල් කෝටි දහයයි ලක්ෂ තිස් හතරකට වැඩි මුදල (103,496,140.82) නිසි ලෙස නොගෙවා එම වටිනාකමට අඩු මුදලක් ගෙවා නියමිත මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිකිරීම් භාරව සිටි සමාගම වෙත සිය නීතිවේදිනිය මාර්ගයෙන් මෙසේ එන්තරවාසිය යවා ඇත.
ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ සුලානි ඉන්දිකා වන්නිආරච්චි මහත්මිය මාර්ගයෙන් යවා ඇති මෙම එන්තරවාසිය මගින් සියඹලාපේ ඕලු ඇසෝසියේටි සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතා සඳහන් කර ඇති පරිදි අදාළ ඉදිකිරීම භාරදෙන විටත් එම වරලත් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා මෙම ඉඩම අයි.සී.සී. වත්ත ලෙසින් පමණක් හඳුන්වාදුන් බවත් මෙම නිවසේ හිමිකරු බැසිල් රාජපක්ෂ මහතා බව නොපැවසූ බවත් සඳහන් කර ඇත.
තවදුරටත් එහි සඳහන් වන පරිදි නිවසේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එවකට අමාත්‍යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය පැමිණීමෙන් පසුව සැබෑ අයිතිකරු අමාත්‍යවරයා යැයි උපුල් කුමාර රාමවික්‍රම තේරුම් ගත් බව ද එන්තරවාසියේ සඳහන්ව තිබේ.
පසුව ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබියදී එහි පැමිණි බැසිල් රාජපක්ෂ මහතා, පුෂ්පා රාජපක්ෂ මහත්මිය සහ එම දියණියගේ රුචිකත්වයට අනුව මෙහි ඉදිකිරීම්වල වෙනස්කම්ද සිදුකර ඇතැයිද එහි සඳහන් වේ.
එසේ නිම කළ මෙම නිවස සඳහා රුපියල් 103,496,140.82ක මුදලක් වැය වුවද, එම මුදල අවසානයේ දී රුපියල් හත්කෝටි දහඅට ලක්ෂ තිස් එක්දහස් පන්සිය පනස් එකයි සත විසිපහක් (71,831,551.25) දක්වා අඩු කොට තර්ජනය කිරීමෙන් පසු ඒ සඳහා අත්සන ලබාගත් බවත් එම එන්තරවාසියේ දක්වා ඇත.
කරුණු එසේ හෙයින් සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතාට තවදුරටත් ලැබිය යුතු රුපියල් තුන්කෝටි දහසය ලක්ෂ හැටහතර දහස් පන්සිය අසූ නවයයි ශත 57ක (31,664,589.57) මුදල සහ එකී බිල්පතේ දින සිට ඊට ලැබිය යුතු නෛතික පොළියද ලිපියේ දින සිට දින 21 ක් තුළ ගෙවා දමන ලෙස එන්තරවාසිය මගින් දන්වා තිබේ.
එසේම ඉහත සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිය සේවාදායකයාට සිදුව ඇති හානිය, පාඩුව හා අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක මුදලක්ද ගෙවීමට කටයුතු කරන ලෙස එම එන්තරවාසිය මගින් තවදුරටත් දන්වා තිබේ.
http://www.lankatruth.com/