බැසිල්ට මුදල් ඇමතිකම අහිමියි !යෝෂිතත් පාර්ලිමේන්තුවට ?

0
124

බැසිල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බවත්, ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම්දීමට නියමිත බව අද පුවත්පත වාර්තා කර තිබුණි.
බැසිල් රාජපක්ෂ දිවුරුම්දීමට නියමිතව ඇත්තේ මුදල් රාජ්‍ය  අමාත්‍යධුරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධුරයේ බවද සදහන්ය.

කෙසේවුවද, මීට පෙර වාර්තා වූයේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ දිවුරුම් දීමට නියමිත බවයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් ඇතුළත්බවද වාර්තා වේ.මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා ද මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමටත්, ඔහුට ඒ සඳහා ඉඩ විවෘත කර දීමට ජයන්ත කැටගොඩ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටත් සැලැසුම් කර ඇති බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබේ

මහින්ද රාජපක්ෂ දරන මුදල් ඇමතිධුරය බැසිල් රාජපක්ෂට ලබාදිමට තිබුණ සුදානම ගැන රාජපක්ෂ පවුලේ දරුවන්ගේ අකමැත්තක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි

ඒ සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමටද සැලසුම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට ලංකාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් නිමල් ලංසා කියා සිටියේ බැසිල් විසින් ජනතාවට සහන ලබාදිමට නියමිත බවය.
රාජ්‍ය ඇමතිධුරය දැනට හොඹවනු ලබන්නේ අජිත් නිවාඩ් කබ්රාල් විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here