බැසිල්ව පිළිගන්න යන්නේ ප්‍රසන්න විතරද ?

0
442

NImal BR 2පසුගිය සන්ධාන රජයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති සහ හිටපු ශ‍්‍රීලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලබන 21 දා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා c news වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කටුනායක ගුවන්තොටුපළෙන් අඟහරුවාදා පස්වරු 1.00ට පමණ මෙරටට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහතා ඉන්පසු කෙළින්ම පාර්ලිමේන්තුව බලා පිටත්ව ගොස් එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව්ද එහි සදහන්ය.

මෙරටට පැමිණෙන රාජපක්ෂ මහතා පිළිගැනීමට බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වනු ඇතැයිද සදහන් කරන එම වෙබ් අඩවිය ඇමති නිමල් ලංසා එහි යැමට සුදානමක් ගැන සදහන් කර තිබුනේ නැත.
එහෙත් අපගේ ආරංචි මාර්ග සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ පිලිගැනිම සදහා ඇමති නිමල් ලංසාද යෑමට නියමිත බවය.