බැසිල් අමතක කළ ඇමති නිමල් ලංසා දැන් මෛත්‍රි සරණ සොයයි.????

0
51

lansa posterlansa poster 1මේ දිනවල රටපුරා දූෂිත මැති ඇමැත්තන් කිසිදු ලෙසකින් රජයට එක්කරගන්නට එපා යැයි ජනයා විදි බැස උද්ඝෝෂණය කරති.
ඇමති නිමල් ලංසා යනු මුළු මීගමුවෙ සම්පත් සියල්ල තමන්ගේ පවුලේ අයට සහ සිය සහචරයන් පිනවිම සදහා කිසිදු හිරිකිතයකින් තොරව පාවිච්චි කළ දූෂිතයෙකි.
බැසිල් රාජපක්ෂගේ උදව්වවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කෝටි ගණන් හබ්බ කළ අයෙකි.
මේ සියළු වංචා දුෂණ වසා ගැනිමට මෛත්‍රි පාලනයට එක්විම සදහා පසුගිය දිනක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවිමටද ගොස් තිබුණ බව අප හෙළිකළෙමු.
ඒ නිමල් ලංසා අද මීගමුව පුරා මෛත්‍රිට සුභ පතා පොස්ටරයක් අලවා තිබුණි.
ඇමති නිමල් ලංසාලාගේ පවුල් පාලනයට එරෙහිව මීගමුව වැඩි ඡන්ද 28000කින් දිනවු ජනයා දැන් කියන්නේ කුමක්ද ??
ඡයාරූප – දිල්ෂාන් තිසේරා