බැසිල් ඉන්දීය BJP ආදර්ශයට ගනී ! – දෙකයි දෙකේ පොලු බලකායක් !

0
141

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ( BJP) නායකයින් , විරෝධතාකරුවන් පාලනය කිරීමට යොදා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග මෙරට තුල ද ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, මාර්තු 22 දා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

පෝලිම්වල සිටින මිනිසුන් ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකොපාකාරී ලෙස හැසිරෙන බවට ආණ්ඩු මැති ඇමතිවරුන් විසින් එම රැස්වීමේදී දිගින් දිගටම ප්‍රකාශකර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත්තේ තව සති දෙක තුනකින් පෝලිම් ප්‍රශ්නය මුළුමනින්ම විසඳන බවයි. එහෙත් එය කරන්නේ කෙසේදැයි ඔහු සඳහන් කර නොමැත.

අනතුරුව ඔහු ඉන්දීය BJP පක්ෂය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඩපවත්වන අකාරය විස්තර කර ඇත්තේ මෙසේය.

” BJP එකේ නායකයෝ , ඔය වගේ ප්‍රශ්න තියන තැන් වලට යවන්න, හොඳ උස මහත තරුණ පාක්ෂිකයෝ සෙට් එකක්, හදලා ඉන්නවා. එයාලට දීලා තිබුනේ, දෙකයි දෙකේ පොලු විතරයි.. ඔය පොලුවලින් දෙපාර වනනකොට, උද්ඝෝෂණ ඉවරයි..” බැසිල් අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී එසේ පැවසු බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සඳහන් කළේය.

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් මේවනවිට පෝලිම් අසල ආරක්ෂා හමුදාවන් යෙදවීමට නියෝගකර ඇත.
theleader.lk