බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමු සිසුවා අත්අඩංගුවට !

0
178

cat-whisperers-nationalgeographic_2329359බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

සැකකාර පාසල් සිසුවාගේ නිවසට බැළලිය පැමිණීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි බැළලිය ඇති කළ අසල්වැසි කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් වේ.

තුවාල ලද බැළලිය සිසුවාගේ නිවස ආසන්න මාර්ගයේ දමා ගොස් ඇති බවද, අසල්වැසි කාන්තාව එහි යනවිටද බැළලිය මියගොස් ඇතැයිද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

බණ්ඩාරගම පොලිසිය සැකකාර පාසල් සිසුවාට පොලිසියට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔහු සිය දෙමව්පියන් සමඟ ප්‍රදේශය හැරගොස් තිබූ බවද, පසුව අද පැමිණ පොලිසියට බාර වූ බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාසල් සිසුවා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුලාශ්‍රය- ලංකාදීපය