බිච්පාක් එකේ බිලිගත් සෑම ජිවිතයකටම එහි ටෙන්ඩර්කරු වගකිවයුතුයි.

0
411

negombo-beachබිච් පාක් එක යනු මීගමුව නගරයේ වැඩියෙන්ම අහිංසකයන් බිලිගන්නා තැනයි.මෙහි ඇති අනාරක්ෂිතබව තුල එයට ජිවිතයෙන් වන්දි ගෙවු අවසන් අහිංසකයා වන්නේ කැළණියේ සිට පැමිණ සිටි 13 වියැති දරුවෙකි.ඔහු මිය ගොස් තිබුනේ සරුංගල් අැරිමට පස්සෙන් පස්සට යාමේදි මුහුද ට ඇදවැටිමෙනි.2013 අගොස්තු 24වනදා සවස්වරුෙව්දි ඔහු මුහුදට බිලිව තිබුන අතර සිරුර සොයාෙගන තිබුනේ අගොස්තු 25 වනදා අළුයමයි.
බිච් පාක් එකේ වෙරළ සමිපයේ ඇති මුහුදේ පිහිටිම ඉතාමත් අවධානම් කාරිය. ඒ පිහිටිමට අනුව අභ්‍යන්තරයේ ඇති බෙන වැනි තැන් බහුල ව තිබිම නිසා මුහුදට ඇද වැටෙනු අයෙකු එක්කෝ මේ තැන්වල සිරවේ නැතිනම් බැලු බැල්මට නොගැඹුරු සේ පෙනුනද එහි අභ්‍යන්තරයේ වන දියවැල් නිසා ඊට හසුව දියඹට ගසා ගෙන යාම සිදුවනු ඇත.
මේ භායනක තත්වය මතුපිටින් නොෙපනන නිසා වෙනත් පළාත්වලින් පැමිණෙන අය මෙහි අවධානම් තත්වය නොදැන අකාලයේ ජිවිතවලින් වන්දි ගෙවු සිදුවිම් ගණනාවක්ම පසුගිය කාලය තුල සිදුව තිබුණි.
මේ තත්වය අතිශය අවධානම් බව එහි පැමිණෙන ජනයා වෙත පවසා සිටිය යුතුව අැත්තේ මේ බිච් පාක් එකේ අදායම් ලබන ටෙන්ඩර් කරුවා විසිනි.
එහි එන ජනතාව නිසා අදායම් ලබන ඔහු පෙරළා ඒ ජනයා වෙත ඒ ස්ථානය පිරිසිදුව තබාගැනිමට මෙන්ම එහි නිතිය සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යැම සම්බන්ධයෙන්ද අනිවාර්යයෙන්ම ඔහු වගකිම භාරගත යුතුව ඇත.
එහෙත් මේ වන විට මේ කිසිවක් ඉටුවෙමින් නැති අතර ටෙන්ඩර් කරුවා ඇති පදමට මුදල් හම්බකරගැනිම පමණක් සිදුකරගනිමින් තිබේ.
නිමල් ලංසා යනු බස්නාහිර පළාතේ ආණ්ඩ පක්සයේ අතිශය ජනප්‍රිය දේශපාලකයෙකි. ඔහු සංචාරක ඇතළු තවත් වැදගත් ඇමතිධුර රැසක්ම හොබවනු ලබයි. ඒ අනුව ඔහු නියෝජනය කරනු ලබන බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවලින් මේ බිච් පාක් එකට පැමිණෙන ජනතාවට ආරක්ෂාව සැලසිමට ප්‍රධාන වගකිමක් ගතයුතුව තිබේ.මෙතෙක් මේ බිච් පාක් එකේ දි බිලිගෙන ඇති අහිංසක මිනිස් ජිවිත බේරාගැනිම සම්බන්ධයෙන් මීගමුවේ කිසිදු දේශපාලකයෙකු අවංක මැදිහත්විමක් නොකිරිමෙන් පෙනි යන්නේ ඒ ුඅයට ජනතාව පිළිබදව ඇති හැගිමේ තරමයි.
විශේෂයෙන්ම ඇමති නිමල් ලංසාට මේ වගකිමෙන් මිදිමට කිසිදු ඉඩක් නැත්තේ ඔහු සංචාරක සහ ධිවර ඇමැති නිසාම නොවේ. මේ බිච් පාක් එකේ ටෙන්ඩරයේ ඇත්ත හිමිකරු ඔහුගේ පියාවිමයි.
මේ නිසා ඇමැති නිමල් ලංසාට මේ වගකිමෙන් පැන යා නොහැකිය.ඉතින් අපට අවසාන වශයෙන් අසන්නට වන්නේ බිච් පාක් එකේ මේ අවධානම් තත්වය පාලනය කිරිමට පියවර ගැනිමට තවත් අහිංසක ජිවිත කියක් නම් බිලිවිය යුතුද යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අප මීගමුව නගරාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ නගර සභාව විසින් ටෙන්ඩර ලබාදි ඇත්තේ රථගාල පමණක් බැවින් බිච් පාක්එකේ අවධානම් තත්වය ගැන දැනුවත් කිරිම සදහා ගතයුතු පියවරයන් ගැන ඉක්මනින් විමසුමකට ලක්කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here