බිච්පාක් එක ලංසා පවුලට ලබාදුන් මන්ත්‍රීලාට නුවරඑළි සවාරියක් !

0
99

MC sec and dayan(4.35PM ) මිගමුව එජාපයේ බහුතරයක් නාගරික මන්ත්‍රීලාගේ ජනතා විරෝධි සහ දැඩි ලංසාවාදි දේශපාලනය විසින් මේ වන විට ජන සුබසෙත සදහා යොදවා ගතහැකි ආදායම් මාර්ග සියල්ල ලංසා පවුලේ ආදායම් මාර්ග පත්කරදෙමින් තිබේ.මෙහි සුවිශේෂීම කරුණ වන්නේ බිච් පාක් එකයි.දැන් එය.ටෙන්ඩර් කිරිමට මාස 4ක් තිබියදිම කල් ඇතිවම ටෙන්ඩර් කරන්නේ නැතිවම යලිත් වරක් ලංසා පවුල වෙත ලබා දි තිබේ.මේ පිලිබදව එජාප කණ්ඩායම් රැස්විමේදි මන්ත්‍රීවරු ඉතාම සුළු පිරිසක් විරුද්ධ විය යුතු යැයි කියා සිටියද බහුතරයක් කියා ඇත්තේ නගරාධිපතිවරයා විවිධ වරප්‍රසාද ලැබෙන සහ සහයන් ලැබෙන නිසා බිච් පාක් ටෙන්ඩරයට පක්ෂය ඡන්දය දිය යුතු බවය.දැන් ලංසා පවුල කල් එයට නුවරඑළියේ සුපිරි සවාරියක් සංවිධානය කරමින් ආතල් එකක් ලබා තිබේ.පසුගිය අයවැයට පෙර මේ ආකාරයෙන්ම පාසිකුඩා වල සාවාරියක් ලබාදි තිබුන අතර මෙහිදි කෑම බීමට අමතරව මන්ත්‍රීවරුන් පිනවිම සදහා තවත් දේවල් සපයා දි තිබුණි.මෙවර නුවරඑළියේදි සුපිරි ආතල් සාවාරියක් ලංසා පවුලේ අනුග්‍රහයෙන් ලැබිමට නියමිත බව වාර්තා වේ.