බිච් පාක් එක නගර සභාවටද ? ලංසා පවුලටද ?

0
82

දශක දෙකකටත් වැඩි කාලයක් මිගමුව වෙරළ උද්‍යානය හෙවත් බිච් පාක් එකෙන් දැවැන්ත ආදයමක් දිනපතා ලබාගත්තේ ලංසා පවුල විසින් බව මිගමුවේ කාටත් නොරහසකි.

මාලිමා රජයක් ස්ථාපිත කොට කඩිනමින් බිච් පාක් එක නගර සභා පාලනයක් යටතට ගනු ඇතැයි යන්න මිගමුවේ අති බහුතරයකගේ බලාපොරොත්තුව විය.

එහෙත් මේ තිරාණාත්මක සතිය ගෙවි යන්නේද බිච් පාක් එක ටිකට් කැඩිම තවදුරටත් ලංසා පවුලේ  කොම්පැනියටද නැත්නම් මහනගර සභාවටද යන කරුණ ගැන නිසි පිළිතුරක් ලබා නොදෙමිනි.

පසුගිය දිනක පැවැති මිගමුව සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි තිරණය වි තිබුනේ බිච් පාක් එකේ රථ ගාලේ ටිකට් කැඩිම පසුගිය සදුදා දින සිට නගර සභාවට විසින් කරන බවය.
එහෙත් එය සිදුව තිබුණේ නැත.ඒ සම්බන්ධයෙන් මිගමුව නාගරික කොමසාරිස්වරිය කියා සිටියේ අදාල පවරා ගැනිම් වලට අදල ලියවිලි සඳහ දින කිහිපයක් යන බවය.කෙසේ වෙතත් මෙම පවරා ගැනිම මේ සතිය තුල නිමා කරන බව ඇය තවදුරටත් අවධාරණය කර තිබුනාය.

පවරා ගැනිම සිදුවුනාද නැද්ද යන කරුණ ගැන දිනගැනිමට අවස්ථා කිපයකදිම අප උත්සාහ කළද එය අසාර්ථක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here