බිච් පාක් එක නැවත පවරා ගැනිම පමා විම දේශපාලන අධිකාරියේ පරාජයක්ද . ?

0
108

( 12.30 pm ) මාලිමා රජය බලයට පත්වි මාස 5 කුත් ඉක්මවමින් තිබේ. අන්ත දුෂිත මිගමු දේශපාලනය ගැන  ඉදිරියට පැන දැඩි විවේචන මැතිවරණ වේදිකාවල ඉදිරිපත්කිරිමට මුලිකව කටයුුතු කළ දේශපාලකයන්ට මේ දුෂණ ආපසු හරවා අවම තරමින් ජනතා දේපල යළිත් මහනගර සභාවට පවරා ගැනිමට හෝ තවමත් නොහැකිව ඇත.

බිච් පාක් එක පිළිබද විවිධ සාකච්ජා නිරික්ෂණ චාරිකා රැසක් පැවැතියද අවසන් සමබන්ධිකරණ කමිටු රැස්විමේදි ගනුලැබු තිරණය පවා ක්‍රියාත්මක කරගැනිමට නොහැකි විම සැබැවින්ම දේශපාලන අධිකරියේ පරාජයක් බවට පත්ව තිබේ.

එමෙන්ම මිගමුවේ ඇතැම් පරිපාලන නිලධාරින්ගේ අඩු දැනුමද මෙහිදි බිච් පාක් එක යළිත් වරක් ජනතා අයිතියට ලබා ගැනිමට හරස්වි ඇති අන්දමද දැන් ඉතා පැහැදැලිව පෙනේ.
රජයේ ඉඩම් ගැන වගකිව යුතු පරිපාලන නිළධාරියා වන ප්‍රාදේශිය ලේකම්තුමිගේ අඩුදැනුමද මේ ප්‍රශ්ණය විසදුමක් නැතිව තවත් දිග්ගැස්විමට බලපා තිබුණි.

මිගමුව අධික්ෂණ කටයුතු කිරිමට රජය විසින් පත්කර ඇති නියෝජ්‍ය ඇමතිවරයාට මිගමුවේ දේශපාලන යථාර්ථය හෝ පරිපාලනය ගැන දැනුමක් නොමැතිවිම සාධාරණය . මන්ද ඔහුගේ විෂය ක්‍රිඩාවයි. එපමණක් නොව දැනට ඔහු වටා කරක් ගහන ඇතැමුන්ටද මිගමුවේ දේශපාලනය   ගැන හෝ ජනතා ප්‍රශ්ණ ගැන නිසි අවබෝධයක් තිබෙන්නට පසුබිමක් නැත්තේ ඔවුන්ද මිගමුවේ සැබැ ජනතා ප්‍රශ්ණ සමගින් කටයුතු කළ ඉතිහාසයක් නොමැති අයවලුන් විම නිසාම විය යුතුය.
මිගමු දේශපාලන ඉතිහාසයේ අති විශේෂ මොහොත බවට පත්වු දින 100 අරගලය තුල මේ අය සැබැවින්ම සිටියේ කොහේද යන ප්‍රශ්ණය යළිත් වරක් ඇසිය යුතුව තිබේ.
අරගලය හේතුවෙන් පොලිස් කුඩු වල ලැගිමේ සිට තවත් පිඩාවන් රැසකට මුහුණ දුන් ඇතැම් සමාන්‍ය ජනයාගේ උවමනාවන් වෙනුවෙන් සැබැවින්ම පෙනි සිටිමට මේ අයට නොහැකි වු බව අරගලයට ඇත්තට කරදුන් බොහෝ දෙනා ඉතාමත් හොදින් දනි.
මිගමුවේ දැන් සිදුවෙමින් ඇත්තේ ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් සම්ප්‍රාප්ත වෙමින් ඇති තත්වයකි

මාස 6ක් යන තුරුත් බිච් පාක් එක ලංසා පවුලෙන් ගලවා ගැනිමට නොහැකි විම මාලිමාවේ  දේශපාලන අධිකාරිය නියොජනය කරන මැති ඇමැත්තන්ගේ දැනුමේ දිග පළලේ ප්‍රමාණය සමාජයට කදිමට පෙන්වා දි තිබේ.
මාධ්‍ය සංදර්ශන වලට එහා ගිය යමක් පසුගිය කාලය තුල මේ අයට කරන්නට නොහැකි විම කව්රුන් අකමැති වුවද පිළිගත යුතුව ඇති  ඇත්තක් බවට දැන් පත්ව හමාරය

එම් .එල් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here