බිච් පාක් එක පිරිසිදු කරන්න නගර සභාවෙන් සේවකයෝ යනවද ?

0
107

( 8.15 pm ) මීගමුව බිච් පාක් නමින් මේ වන විට සිදුකරමින් ඇත්තේ එක්තරා අන්දමකට 100 ක කප්පමක් ගැනිල්ලකි.

රථ ගාලේ වාහන නැවැත්ත්විම සදහා රු 100 අයකිරිමට නිතිමය අයිතියක් ඇතිද යන්න මාලිමා ආණ්ඩු පැමිණි පසු තැන් ගණනාවකදිම මතුව තිබුනද මේ කප්පම් ගැනිල්ල අද මෙන්ම හෙටත් ක්‍රියාත්මකය.

බිච් පාක් නැවත නගර සභාව විසින් ටෙන්ඩර් කිරිමට සියලු කටයුතු සංවිධානය කර තිබියදි හිටපු නාගරික කොමසාරිස්වරියට ස්ථාන මාරුවක් ලබා දි අලුත් අයෙකු මිගමුවට රැගෙන ඒමට  ගම්පහ දිස්ත්‍රික් මාලිමා ප්‍රධානින් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්  හිටපු කොමාරිස්වරියා දැඩි තිරණයක් ගනිමින් බිච් පාක් එක පිරිසිදු කිරිමට සේවයකයන් යෙදවිම නවතා දමා තිබුණි.

අලුත් කොමසාරිස්වරිය පැමිණිමෙන් පසුද මේ තිරණය එලෙසමින්ද    යන ගැටළුව පැන නැගි තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ බලධාරින් කියා සිටින්නේ බිච් පාක් එක පිරිසිදු කිරිමට සේවයකයන් යොදවන්නේ නැති බවය.

එහෙත් නගර සභාව ආරංචි පැතිර යන්නේ වෙරළ පිරිසිදු කිිරිම මෙන්ම බිච් පාක් එක පිරිසිදු කිරිමද මේ සතියේ සිදුව ඇතැයි සැකයක් පවතින බවය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here