බිච් පාක් එක යළිත් වරක් ලංසා පවුලට ? විපක්ෂයේ සටන මහා පවාදිමකින් කෙලවරවේ

0
70

beach-prk-12016 වසර සදහාත් බිච් පාක් එකේ ටෙන්ඩරය හිමිකරගැනිමට ලංසා පවුල සමත්ව ඇතැයි වාර්ථා වේ.
ටෙන්ඩර ගණුදෙනු පිළිබදව අප පැවැති මහසභා රැස්විමේදි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂය අතර සටන කර කර පැවති ඇත.
ලංසා පවුලේ දැවැන්ත මෙහෙයුම හමුවේ එජාපයේ රස්සියාදු මන්ත්‍රිවරයා ලෙසින් නම් ලබා ඇති ගයාන් නැමැත්තා අද දිනයේ පැවැති මහසභා රැස්විමට පැමිණ තිබුනේ නැත.
ඇත්තටම ඔහු එජාප මන්ත්‍රි යැයි කිය යුතුව ඇත්තේ අලියා ලකුණින් ඡන්දය ඉල්ලු නිසාම පමණි.
නැතිනම් ඔහු කෑම බිම ගත්තේ සහ තවත් දේවල් කලේ දයාන් ලංසාගේ සෙවනයේය.
මුස්ලිම් කොන්ග්‍රස් නායකයා එජාප හා එක්ව හවුල ආණ්ඩුවක සිටියද හකිම් ඇමතිවරයාගේ මීගමුවේ නාගරික මන්ත්‍රිවරයා සිටින්නේ දයාන් ලංසාගේ ඔඩොක්කුවේය. ඔහු ඡන්ද දිම හෝ නොදිම තින්දු කරන්නේ දයාන් ලංසා මන්ත්‍රිවරයා දෙස බලාගෙනය.
ඒ තරමටම ඔහු තමන්ව ලංසා පවුලට විකුණා හමාරය.
මේ දෙදෙනා අද දිනයේ ඡන්දය පාවිච්චි කලේ නම් දශකයකටත් වැඩි කාලයක් පුද්ගලික බූදලයක්ව පැවැති මීගමුවේ වෙරළ උද්‍යානය කප්පම්කාරයන්ගෙන් ගලවා ගත හැකි වනු ඇත.