බිච් පාක් ඒකට මොකද වෙන්නේ ?

0
114

( 12.30 pm ) මාලිමා මැතිවරණ වේදිකාවල් වල  ලංසා  පවුලේ වංචා දුෂණ ගැන නිරන්තරයෙන් මතුකෙරිණි. බිච් පාක් ඒක ඒහිදි මතු කෙරුණ ප්‍රධාන කරුණක්ද විය.
බලයට පැමිණි පසු  බිච් පාක් ඒක නගර සභාව යටතට පත්කෙරෙන බවට පොරොන්දුවද මිගමුවේ ජනයා හමුවේ නිතර සපථ කරන ලද ඒකක් විය.
ඒහෙත් මුළු මිගමුවම දැනටමත් දන්නා  පරිදි මාලිමා රජයක් යටතේ මාස 6 ක් ගෙවිය ගොස් තිබුණද ඊයේ දිනයේදි බිච් පාක් රථගාලේ ප්‍රවේශපත් ආදායම ගියේ නිමල් ලංසා සහ දයාන් ලංසා විසින් අටවා ගෙන තිබුන කොම්පැණියක් වෙතය.

තවත් අකාරයකට කියන්නේ නම් ලංසා පවුලේ පියාගේ විනෝදාංශ වෙනුවෙන් වැය කිරිම සදහා පුතාලා විසින් දශක දෙකක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන වෙතය.

මේසා විශාල ආදයමක් කලු සල්ලි පවුලක පරිහරණයට මාස 6 ක් යනතුරුත් අයකරගැනිමට ඉඩ සලසා දිම යනු සැබැවින්ම මාලිමාමේ දේශපාලන අධිකාරියේ දැවැන්ත පරාජයකි.
කොයිතරම් කරුණු කියන්නට හැදුවද බ්ච් පාක් ඒක අරඹයා මේ අය ෆේල්ය.

බිච් පාක් ඒක ගැන ඊයේ දිනයේ පැවැති විශේෂ රැස්විමේදි සිදුවුයේ කුමක්ද යන කරුණ ගැන දැනගැනිමට බොහෝ දෙනෙකු උනන්දුවෙන් පසුවෙති.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනිම සදහා මිගමුව නාගරික කොමසාරිස්තුමියව සම්බන්ධ කරගැනිමට අවස්ථා කිපයදිම උත්සාහ කළද ඇගෙන් ප්‍රතිචාරයක් ලැබි තිබුනේ නැත.
කෙසේ වෙතත් අද දිනයේද බිච් පාක් ඒකේ රථගාලේ මුදල් බැරවනු ඇත්තේ ලංසා පවුලේ සුඛ විහරණය උදෙසාමය.

තුනෙන් දෙකක බලයක් සහිත  රාජ්‍ය පාලනයක් අතැතිව සිටින මාලිමාවට මිගමුවේ බිච් පාක් ඒක දුෂිත පවුලකින් තවමත් ගලවා ගැනිමට නොහැකි විම අප දේශපාලනික වශයෙන් විග්‍රහ කරගන්නේ කෙසේදැයි මාලිමාවට සහය දුන් මිගමුවේ වෘත්තිකයන් පවා මේ වන විට ප්‍රශ්ණ කරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here