බිච් පාක් ටෙන්ඩරය මෙවර ලක්ෂ 100 පනියිද?

0
40

beach park8PGබිච් පාක් ටෙන්ඩරය මිගමු නගර සභා ඉතිහාසයේ ඉහලම මිලට යන ලකුණු දැන් පහල වෙමින් තිබේ.එයට හේතුව වි ඇත්තේ මෙතෙක් ඇමති නිමල් ලංසාගේ පියා විසින් රු.ලක්ෂ 13 කට ලබාගත් ටෙන්ඩරය මෙවර දේශපාලන අධිකාරියේ බලයෙන් ගිලිහි තිබිමයි.මේ නිසා ටෙන්ඩරයට එදිරිපත් වෙන අය හමුවි ඉදිරිපත් නොවන ලෙස ඉල්ලා දැන් මෙහෙයුමක් ක්‍රියාත්මකය.මේ අනුව ඉල්ලන්නට සිටි ඇතම් අය ඒ සටනෙන් ඉවත්ව සිටිති.මේ කටයුතු සදහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේද නොමද සහය ලැබි ඇතැයි සැලය.මෙසේ ටෙන්ඩරයට ඉදිරිපත්ව සිටින අයෙකු වෙත එය ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලා විවිධාකාර බලපෑම් එල්ලවන්නට පටන්ගෙන  ඇති බවද දැනගන්නට තිබේ.මේ පසුබිම තුල මෙවර ටෙන්ඩරය ලක්ෂ 100 පණින්ටද බැරිකමක් නැතැයි නම හෙළිකිරිමට අකමැති වු ශ්‍රිලනිප දේශපාලකයෙකු මිපුරට කියා සිටියේය.බිච් පාක් එකට අයත් කඩවලින් පමණක් වසරකට ලක්ෂ 90 ක අදායමක් ලැබෙන බව කියැවේ.