”බිච් පාක්” පටලැවිල්ල දිගගැස්සුනේ දේශපාලන අධිකාරියේ සහ පරිපාලන අධිකාරියේ නොදැනුවත්කම නිසාද ?

0
104

( 8.30 am ) පසුගිය 18 වෙනිදා බිච් පාක් ඒක පිළිබදව පැවැති විශේෂ සාකච්ජාවේදි පවා බිච් පාක් ඒක යළිත් වරක් මහනගර සභාවේ පාලනය යටතට ගැනිමට අවස්ථාව හිමිව ඇති බවත් වාර්තා වන්නේ නැත.
මේ පිළිබදව දැනගැනිමට අප ඊයේ දවස පුරාම මිගමුව නාගරික කොමසාරිස්වරිය ඇමතිමට අවස්ථා ගණනාවකදිම උත්සාහ කර තිබුනද ඊට අවස්ථාවක් ලැබුනේ නැත.
කෙසේ‌ වෙතත් වෙනත් මාර්ග වලින් දැනගත් අන්දමට අදත් හෙටත් ඒහි අදායම ලබනු ඇත්තේ ලංසා පවුල් කොම්පැනිය විසින්මය.

මාලිමා රජය බලයට පත්වි මාස 6 කුත් ගෙවෙමින් තිබුණද බිච් පාක් ඒක නැවත වරක් මිගමු මහනගර සභාවේ පාලනයට නතු කරගැනිමට නොහැකිවිම විසින් කියාපාන තිත්ත ඇත්ත වනුයේ දේශපාලන අධිකාරියේ  මෙන්ම පරිපාලන අධිකාරියේද නොදැනුවත් බව මිසි අන්කිසිවක් නොවේ .

රජයේ ඉඩම් පිළිබදව මිගමුව තුල වගකිව යුත්තා ප්‍රාදේශිය ලේකම් තුමියයි . ඒහෙත් ඇයද මේ ප්‍රශ්ණය නිවරදිම තේරුම් ගෙන විග්‍රහ කරගෙන නොසිටිම නිසාම පිස්සන්ට හැතැක්ම නැති ගානට කටයුතු සිදුවුවා මිස හරියටම කළ යුත්ත සිදුකර තිබුනේ නැති බව දැන් චෝදනා එල්ල වෙමින් තිබේ.

මිගමුවේ අධික්ෂණ නියෝජ්‍ය ඇමතිට මේව ගැන නිනව් නොතිබිම තේරුම් ගත හැක. වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ පමණක් අත්දැකිම් බහුල  නියෝජ්‍ය ඇමතිවරයාද  මේ ප්‍රශ්ණය නිවරදිව විග්‍රහ කරගෙන තිබුන බවක් නොපෙනේ .පරිපාලන අධිකාරියේ ප්‍රධානින් දෙපලට මිගමුව ගැන හෝ මිගමුවේ ප්‍රශ්ණ ගැන නිසි අවබෝධයක් නැතිකම  බිච් පාක් සිදුවිම විසින්ම මේ වන විට කදිමට පෙන්වා දි හමාරය.

මිගමුව අධික්ෂණ නියෝජ්‍ය ඇමතිවරයගේ සම්බන්ධිකරණ ලේකම් සහ ජවිපෙ විසින් මිගමුව නගරාධිපතිධුරය සදහා ඉදිරියට ගෙන යමින් සි‌ටිනවා යැයි හැගෙන  නිතිඥ රොබට් හින්කෙන්දටද  බිච් පාක් ඒක ගැන පමණක් නොව මිගමුවේ හතර කොන් ගැන මෙන්ම මිගමුවේ ප්‍රධාන ප්‍රශ්ණ ගැන පවා ප්‍රමාණවත් අත්දැකිම් ඇති බවක් නොපෙනේ .
ආනමඩුව වැනි ගොවි පළාතකින් පැමිණ කටානේ දේශපාලනය කොට පැරිෂුට් ආකාරයෙන් මිගමුවට  පතිත වු   අයෙකුට මිගමුව ගැන නිසි ලෙසින් හැදරිමට තවත් බෙහෝ කාලයක් ගතවනු ඇත.මීගමුව වැනි බස්නාහිර පළාතේ වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි වෙළද හා සංචාරක පුරවරයක් ශක්තිමත් ගොඩනැගිය හැකි පෞරුෂත්වයක් සහිත නායකත්වයන් මිගමුවට වැඩි වැඩියෙන්වැ අවැසිව  තිබේ.

මිගමුවේ ඇත්ත ගැන දන්නා දේශපාලනය ගායක් සහිත අයවලුන්ව මාලිමා දේශපාලනය තුල හිතාමතාම කොන්කරමින් තිබිම ගැන දැනට කලක පටන් මාලිමාවට  පසුගිය මැතිවරණ වලදි සහය පළකරමින් කටයුතු කළ අය  විසින් දැනටමත් සමාජ ගත කරමින් ඇති කරුණු වලින් අනාවරණය වේ .

ඒපමණක් නොව මිගමුවේ ජවිපෙ පණිවිි ඩ හුවමාරු කරු වන රතු මහත්තයා ඔවුන්ගේ නායකයා වන ජනපති අනුර කුමාරගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝ වෙයි.
ජනාධිපතිවරයා ඊ‌යේ පාර්ලිමේන්තුවේ කරන ලද කථාව පස් හය වතාවක්වත් අසා තේරුම් ගැනිමට උත්සාහ කරන්නේ නම් පමණක් ඔහුගේ මෙහෙවර මිගමුවටත් ඔවුන්ගේ පක්ෂයටත් ප්‍රයෝනවත් වනු ඇත.ඒසේ නොවන්නේ වලංකාරයාගේ අවුරුද්දක වැඩ ඒක දවසකින් ඉවර කරන පොලුකාරයා වන්නේ ඔහුය.

කව්රුන් කැමැති වුවද අකමැති වුවද කටුක ඇත්ත වන්නේ මෙයයි . මේ නිසාම මිගමුව මහනගර සභාව තුල ශක්තිමත් පරිණත නායකත්වයක් ස්ථාපිත කරගත යුතුව ඇත. මාලිමාව විසින් සරල බහුතරය ඉක්මවා යමින් පුනරුද පාලනයක් බිහිකළද  ශක්තිමත් විපක්ෂයක් ස්ථාපිත නොවන්නේ නම් මාලිමාවට මෙන්ම මිගමුවේ ජනතාවටද  පාඩුවක්ම වනු ඇත.
දශක ගණනාවක් පවුල් පාලනයක් හමාර කිරිම අභියස සිටින මිගමුවට මේ ලැබි ඇති අස්ථාව අනුර කුමාරගේ වචන වලින්ම කියා සිටින්නේ කිසිසේත්ම මගහැර ගත යුතු නැත.
වැඩ බැරි ටාසන්ලාට වඩා වැඩ හැකි ටාසන්ලා වැඩිපුරම මිගමුවට ඔ්නෑ කර තිබෙන මොහොතක් දැන් නිර්මාණය වි තිබේ. අතැමුන්ගේ පුද්ගලික උවමනාවන් උඩදමාගන්නවා වෙනුවට මිගමුව ගොඩ දැමිමට හැකි වැඩ කළ හැකි පිරිසක් ඉදිරියට ගෙන ආ යුතුව තිබේ.

අය වැය තෙවන වර කියැවිමේ අවස්ථාවට පැමිණ ජනපති අනුර කුමාර විසින් කරන ලද කථාව විග්‍රහ කරන බලන කළ මිගමුවට නායකත්වය දෙනු ලබන දේශපාලන අධිකාරිය සහ ජනපතිගේ දැක්ම අතර ඇති පරතරයේ තරම මනාව වැටහෙනු ඇත.
නායකයන් බිහිවනවා මිස,  හැදිය නොහැක.‍

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here