බිඳ වැටි ඇති සංචාරක කර්මාන්තය යළි ගොඩනැංවිය හැකිවෙයිද ?????

0
96

1589300430-prasanna_lකොරොනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු යෝජනා ලබන සතිය වන විට ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා කඩිනම් පියවර ගන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ (12) උපදෙස් දි තිබුණි.ඒ  සංචාරක ක්ශේත්‍රයේ නියුතු හෝටල් හිමියන්ට සංචාරක මග පෙන්වන්නන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගම් සමගද අද පැවති සාකච්ඡාවකදිය.

සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධය පරිමාණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය (ASMET) ශ්‍රී ලංකා හේටල් හිමියන්ගේ සංගමය (THASL) මාර්ගෝපදේශකයින්ගේ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය වැනි සංගම් නියෝජිතයින් සමග ක්ශේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබද මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සංගම්වල නියෝජිතයින්ගේ ඉල්ලීම වුයේ සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත් වන තුරු ක්ශේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසිය යුතු බවයි.

චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලීසිං සහන සංචාරක සංවර්ධන බද්ධ ගෙවීම සදහා සහන ලබා දීම සම්බන්ධයෙන් ඔවුහු අදහස් පල කලහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මෙම සියළු ඉල්ලීම සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමුව ඇති බවයි.

සංචාරක ව්‍යාපාර නංවාලීම සදහා දිගු කාලීන හා කෙටි කාලීන විසදුම් යෝජනාවලිය සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් ක්ශේත්‍රයේ නියුතු වුවන්ට සහන ලබා දීම  සදහා මෙන්ම සංචාරක ක්ශේත්‍රය නංවාලීම සදහා වු යෝජනා ඇතුලත් ඇමති මණ්ඩල පත්‍රකාවක් කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පෙන්වා දුන්නේ ජූලි මාසය වන විට මෙරට සංචාරක හෝටල් දේශීය හා විදේශිය සංචාරකයන්ට විවෘත  කිරීමට හැකිවනු ඇති බවයි.
මුලාශ්‍රය- අද දෙරණ