බිරිඳ ගෙන්වා දෙන ලෙස ඉල්ලා පිටිපන තරුණයෙක් කුළුණක් මත උපවාසයක් …

0
425
විදෙස්ගතව සිටින සිය බිරිඳ ගෙන්වා දෙන ඉල්ලමින් තරුණයෙකු දුරකථන සන්නිවේදන කුළුණක් මත ඊයේ දහවල් සිට උපවාසයක් ආරම්භ කර තිබේ

මෙලෙස උපවාසයේ යෙදි සිටින්නේ මිගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි
දැනට වසර කීපයකට පෙර තම බිරිද විදේශ රැකියාවක් සදහා ජෙර්දානයට ගොස් ඇති අතර දැනට මාස නවයක පමන සිට සිය බිරිඳ ජොර්දානයේ කදවුරකව සිටින බැවින් ඇය ගෙන්වා දෙන්නැයි ඉල්ලා සිටි

මේ සම්බන්දයෙන් සියළු විස්තර ඇතුලත් ලිපියක් භාරදීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර අමාත්‍යංශයේ යම් උපදෙසක් හෝ යම් පිලිසරනක් සොයා ගොස් ඇතත් එය කිසිදු පලක් වි නැති බවද ඔහු කියා සිටි. මාධ්‍යවේදියෙකු හා දුරකථනයේ කුළුන මතට සිට කළ අදහස් ඉදිරිපත් කිරිමකදි ඔහු කියා ඇත්තේ විදේශ ඇමැතිවරයාගේ ප්‍රධාන නිළධාරියෙකු ඒ සදහා රු ලක්ෂ ඉල්ලා සිටි බවය

සිය දුක්ගැනවිල්ල සංචාරක අමාත්‍යවරයා හමුවිමටද ඉදිරිපත් කළ බව ඔහු කියා සිටි එහිදී අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයෙකු මුදල් ඉල්ලූ බවට හඩපටියක් ඇත්නම් තමාට ලබාදෙන ලෙස බවද වැඩිදුරටත් සදහන් කර සිටි

උපවාස කරු තව දුරටත් කියා සිටියේ තමා මාළු ලෙල්ලෙමි මාළු රැකියාවක් කරන බවත් මාළු ලෙල්ලෙමි මාළු පෙටිටි පටවන බවත් ඒ පටවන එක මාළු පෙටිටියක් සදහා රුපියල් 20ක් ලැඛෙන බවත් මෙම රැකියාවක් කර කොහෙමද මම රුපියල් ලක්ෂ හතරක් සොයන්නේ යැයි කියාය.

එමෙන්ම ජොර්දානයේ සිටින ලංකා තානාපතිටද ඔහු චෝදනා කර සිටි.
පියපේම මානික්කරත්න