බිලිපුජාවකට ගෙන ආ දරුෙවකු ගම්වාසින් විසින් බේරාගැනේ.?

0
54

මීගමුවේ ඒත්තුකාලේ ද බිච්  හෝටලය ඉදිරිපිට ඇති ලක්රේ ගාමන්ට් එක අසල වු වගුරු සහිත බිමක  නිධානයක් හැරිමට ඇති සුදානමක් ගැන ඉව වැටුන ගම්වාසින් විසින් ඒ ස්ථානය වටකළ අවස්ථාවේ යකැදුරෙක් ඇතුළු අදාල ආයතනයෙ ් අයිතිකරුව පොලිසියට අල්ලා දිමට හැකිව තිබේ.අද දින රාත්‍රි 8 පමණ මෙය සිදුව ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කරයි.

කුඩා දරුවෙක්ද ඒ අසල සිටි බව ගම්වාසින් පවසති. ඔවුන් පවසන්නේ මේ දරුවා බිළිදිමට ගෙන ආවේදැයි යන සැකයක් පවතින බවය.

මේ සම්බන්ධයෙන් අප මීගමුව  පොලිසියෙන් කළ විමසුමකදි පවසා සිටියේ  කට්ටඩියන් දෙදෙනෙක්  ඇතුළු තිෙදනෙක් මීගමුව පොලිසියට රැගෙනවිත් ඇති බවයි.කට්ටඩියන් යැයි කියන පිරිස අනුරාධපුරයේ සිට පැමිණ ඇතැයි පවසන ගම්වාසින් ඔවුන් පැමිණ ඇත්තේ NCKQ 9306 අංක දරන මෝටර් රථයකින් බවද පවසා සිටියි.මෙම මෝටර් රථය දැනට ඒත්තුකාලේ සංචාරක පොලිසිය විසින් රදවාගෙන ඇත.