බිලී නූලේ විනෝදය තුළ මරුවා සැඟවී ඇත . ප්‍රවේශම් වන්න .෴

0
285

IMG-20200108-WA0003

මීගමුව , 273 , පිටිපන පාරේ , මාළු ලෙල්ලම අසල ඇති පාලම නිතර මිනිසුන් ගැවසෙන ස්ථානයකි . එයට විශේෂයෙන් හේතුවී ඇත්තේ මෙම පාලම දෙපස සිට මාළු බෑම පිනිස පැමිණෙන පිරිස නිසයි. අප මීට පෙරද මෙහි පවතින සුන්දරත්වය සහ වැදගත් කම ගැන සඳහන් කරමින් ලිපියක් පළ කර ඇත .
මෙම පාලමෙහි එක් පැත්තක ( කලපුව පැත්තේ ) ප්‍රදේශයේ විදුලිය රැගෙන යන විදුලි රැහැන් ඇද ඇත . මෙම විදුලි රැහැන් වල මාළු බාන බිලී පිති වලින් කැඩීගිය තංගුස් කැබලි සහ බිලී කටු, ඇමට යොදන කෘතිම මාළු වෙක් ආදී වශයෙන් විවිධ දේවල් පැටලී තිබින .
මෙම විදුලි රැහැන් අධිබලැති ඒවාය. මෙම ස්ථානයේ අවධානම ගැන විශේෂයෙන් කතා කීරීමට සිදුව ඇත්තේ එම නිසාය.මෙම ස්ථානය ගැන දන්නා අයට නම් ඉහතකී තත්වය … ප්‍රශ්ණයක් නොවිය හැක . නමුත් ඒ අය මෙම පරිසරය ගැන දන්නා නමුත් අවට පරිසරය ගැන , දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය.
මෙහි පැමිණෙන බහුතරයක් දෙනා විනොදාස්වාදය ප්‍රධාන කොටගත් නමුත් සමහර අය එදිනෙදා ජීවත්වීමේ අරගලය සඳහා මාළු ඇල්ලීමටද මෙම ස්ථානය භාවිතා කරති . කෙසේ නමුත් මේ සියළු දෙනාටම ඉහතකී අවධානම ගැන අවධාරණය කිරීමට සිදුව ඇත .
දැනට වසර කිහිපයකට පෙර දළුපත ප්‍රදේශයේ සිදුවූ කණගාටු දායක තරුණ මරණය මේ පිළිබඳ හොඳම උදාහරණයකි . රවිඳු ජයවර්ධන නම්වු එම දරුවාගේ සීයා අපට කරුණු දක්වා සිටියේ මෙසේය .
“ඒ ගොල්ලො මුන්නක්රය පාලම ලඟට මාළු බාන්න ගියා. පිත්ත උස්සල තිබුන. ඒකෙ තිබුනෙ කේබල් කම්බියක් . ඒක ගිහිල්ල කම්බියේ එතුන. මෙයාට කරන්ට් එක වැදුන. කෙරවලේ තියෙන්න ඕනෙළු රබර් ආවරණයක් . ඒක තිබිල නෑ. ”
මාළු බාන සමහරු පිත්ත උස්සන්නෙ හැඩේට බවත්, ඔවුන් මෙම ස්ථානය ගැන දැනගෙන එසේ කරන බවත් , නොදන්නා අය ඉහතකී අවධානමට ලක්විය හැකි බවත් , රවිඳු ගේ සීයා අප සමඟ පැවසීය .
මෙහිදී වැඩි අවධානයක් දිය යුත්තේ විදුලි රැහැන් වෙත නිසා එකී කම්බි වෙනුවට එම කම්බි ආවරණය වනසේ සැකසූ ආරක්ෂිත කම්බි යෙදිය නොහැකි දැයි අප විදුලි බලමණ්ඩලයෙන් විමසා සිටිමු. එසේ කළ හැකි නම් මේ සඳහා යෙදිය හැකි එකම විකල්ප විසඳුම මෙය විය හැක.
කෙසේ නමුත් අවසාන වශයෙන් අදාල උපකරණ භාවිතයේ සිට තම අාරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් වන බව අප මෙම ස්ථානයට පැමිණෙන සියළු දෙනාටම අවධාරණය කරන්නෙමු !