බිස්කට් පෙට්ටියක සිරගතකළ බිළිඳියගේ වාසනාව …..

0
91

child 2)පසුගිය දිනක බිස්කට් පෙට්ටියක බහා නිවසක් අසල දමා ගොස් සිටි එක් මස් වියැති බිළිදියකගේ   දිවි බේරි තිබුනේ වාසනාවකට මෙනි.
මේ පෙට්ටිය දමා තිබුණ ස්ථානයේ රාත්‍රි කාලයේ නවතා තිබුණ පුද්ගලික බස් රථ තුනක් අළුයම බිළිදිය දමා තිබුණ පෙට්ටියට ආසන්නයෙන් ගොස් තිබුණි,
මේ සිදුවිම වාර්ථා වුයේ මිනුවන්ගොඩ පාරේ ආඩිඅම්බලම ප්‍රදේශයක  පන්සලක් අසලය.
පාන්දර 5 ට පමණ   බිළිදෙකු හඬනු ඇසුන බව දැනුන අසල නිවසක කාන්තාවක් විසින් කළ විපරමකදි මේ දරුවා බහා තිබුණ බිස්කට් පෙට්ටිය හමුව තිබුණ අතර පසුව බිළිදිය පොලිසිය මගින් මීගමුව රෝහල වෙත භාර දි තිබුණි.ඇය දැන් සුවසේ පසුවන්නීය.
මේ පුවත සැලවිමත් සමගින් මේ බිළිදිය දරුකමට ගැනිමට කැමැත්ත පළකරමින් ඉල්ලිම් ගණනාවක් ලැබෙමින් පවතින බවද සැලය .