බීමතින් රියපැදවූ වෙන්නප්පුවේ පොහොට්ටු අපේක්ෂයෙකු අත්අඩංගුවට

0
83

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු දන්කොටුව පන්නල මාර්ගයේ ඇටියාවල ප්‍රදේශයේදි බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් අද  (01) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.

දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වි තිබේ.ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරු මැතිවරණ ප්‍රචාරක කුඩා රැස්වීම් කිහිපයකට සහභාගි වි නිවසට යමින් සිට ඇතැයි හෙළි වු බව පොලිසිය කියයි.සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.

 

 

චන්දන ප්‍රනාන්දු