බීමතින් වැවේ නෑමට ගිය තුම්මෝදර පුද්ගලයෙක් මිය යයි

0
67

WP_000138 පසුගිය ඉරිදා පෙරවරුවේදී සිදුවූ සිදුවීමකි.
ඔහු  මැදිවියේ  පසුවන  පුද්ගලයෙකි. රැකියව සඳහා පොල් කැඩීම ඔහුගේ  ජීවනෝපාය වි තිබුණි.

ස්වෙච්ඡාවෙන් වෙන්නප්පුව වැවේ පාසි ගොඩ ගනිමින් ඉන්න 3න් දෙනෙක්ට  දහවල් 12 ට පමන පිරිමි කෙනෙක් දුවවිත් කූෑූ  ගසා කිවා   ” අපි එක්ක ආව මම කෙනෙක් වැව  හරහා  පීනගෙන ඇවිත් එක පාර නැතිව ගියා  අනේ  පොඩ්ඩක් බලන්නකො , එයා ටිකක් බීල උන්නෙ” කියල..

එවෙලේම අපි  එතනට දුව විත් ගිලුනු තැන අසාගෙන දිය යට කිමිදී සෙවීම අරම්බ කළා. එහෙත් පැයකට වඩා උත්සහා කලත් අඩි 8 කට වඩා ගැඹුරු හා ඝනව වැඩුනු වල් පාසි නිසා උත්සාහය අඩපන විය.
පසුව දැනට දෙහිවල ප්‍රසිද්ඩ පාසලක පිහිනුම් උපදේශක වශයෙන් කටයුතු කරන ඇන්ටනී මහතා සහ ඔහුගේ  ඥාතීන් දෙදෙනෙක් එතනට පැමිණ වැඩි පරිස්සමක් සහිතව නැවත සෙවීම අරම්බ කළා.  අන්තිමේදී  ඉත ලොකු වෑයමක් හා  කණ්ඩායම් ශක්තිය යොඩගෙන ඇරබු මෙහෙයුමේ ප්‍රතිපලයක්  වශයෙන් පය 4 කට පසුව දියේ  ගිලී මිය ගිය එම පුද්ගලයාෙග්    දේහය  හමුවිය.
එම දේහය ගොඩ ගන්න අවස්තාෙව් ඔහුගෙ පුතා එතනට පැමින සිටියේය..

වෙන්නප්පුව  පොලීසිය වැඩිදුර  පරීක්ෂණ සහ මිනිය මාරවිල රෝහලට ගෙන යන ලදී.

මෙ සිද්ධිය  සැලවීමත් සමග වෙන්නප්පුව වැව් බම්ම පිරෙන්න ජනකායක් එකතු විය.

ඒ අතර ගිලුන පුද්ගලයා සෙවීම සදහා  පැමිනි ඇන්ටන්  මහතාගේ මුදල් පසුම්බිය සොරාගැනීම  ඉතා කනගාටුවට කරුණකි.

මෙම  මෙහෙයුමක් සදහා පිහිනුම් සංගමයේ  පුහුනු කරුවෙකු වන ඇන්ටන් මහතා, ගාමිණී මහතා, තිළින මහත ා, , ඛිත්සිරි මහතා, අශෝක මහත, වසන්ත මහත අතුලු   සැමට  අගය කළ යුතුය..

වෙන්නප්පුව වැෙව් දිය නෑමට  එන  සැමට දිය  යුතු පණිවිඩය වන්නේ වැවේ ගැඹූර  සහ වැවේ මඩ හරියේ  ඇති වල් පාසි නිසා  වැව හරහා  පිහිනීමෙන් වලකින ලෙසය. එමෙන්ම  බීමත්ව  වැව්වල නෑම
සුදුසු නොවන බවත් තරයේ සිතට ගත යතුය.

ෂෙහාන් ප්‍රනාන්දු
https://www.facebook.com/shehan.e.fernando?fref=ts