පසුගියදා සීදුව නගර සභාව විසින් පවත්වාගෙන ගිය කසල බැහැරකරන ස්ථානයේ ගින්න බුකියේ බහුතරයක් දෙනා විසින් මිගමුවේ කඩොලාන පරිසරය ගිනිතබා ඇතැයි යනුවෙන් සම්පුර්ණ අසත්‍යය පුවතක් සමාජ ගතකරමින් සිටි.අද අපගේ ඇස ගැටුන වෙබ් පුවතක් ද සම්පුර්ණ අසත්‍යය තොරතුරක් ලියා තිබේ.ඒ සටහනට අනුව ”ගින්න ඇතිවි තිබෙන්නේ මීගමුවේ කඩොලාන පරිසරයටය. ” එය ඇමති සනත් නිශාන්ත විසින් කියන්නට යෙදුන තැනයි. එපමණක් නොව මෙසේ කුණු බැහැර කර ඇත්තේ මීගමුව නගර සභාව විසිනි.
සැබැවින්ම ගත් කල headlinenews.lk වෙබ් අඩවිය බරපතල වැරැද්දක් සිය පුවත හරහා සිදුකර තිබේ. මේ අකාරයෙන් වෙබ් මාධ්‍ය කරණයේ නියැලිම වෘත්තිමය වශයෙන් වෙබ් මාධ්‍යකරණයේ නියැලෙන වෙබ් මාධ්යකරුවන්ටද සැබැවින්ම අවුලකි. එබැවින් සමාජ මාධ්‍ය මෙන්ම වෙබ්මාධ්යකරණය තුලද පුවත් බෙදා හරින්නේ නම් සත්‍ය පමණක සමාජගත කිරිමට වගබලා ගැනිම සැමගේ වගකීමකි.