බුරුම හමුදාව යටතේ දීර්ඝ කාලයක් හිරබත් කෑ මාධ්‍යවේදියා සමුගනියි

0
76

බුරුම ජාතික ජේ්්‍යෂ්ඨ මාධ්‍යෙව්දීයෙකු සහ බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට සටන්කළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ‘ යූ වින් ටින්’  අප්‍රේල්  21 වනදා ජීවිතයෙන් සමුගත්තේය.win_tin
ඔහු මිය යන විට 85 වනි වියෙහි පසු වූ අතර වකුගඩුවේ අබාධිත තත්ත්වයක් නිසා ඔහු මිය ගියේය.   වින් ටින්  මියැන්මාරයේ නිදහස වෙනුවෙන්  මිලිටරි ජුන්ටාව යටතේ දීර්ඝ කාලයක් සිරබත් කෑ විදි මාධ්‍යෙව්දියෙකි. 1960 වර්ෂයේදී බුරුමය තුළ සිදුවූ ප්‍රජාතන්ත්‍රවිරෝධී හමුදා කැරැල්ලට විරුද්ධව සිය පෑන මෙහෙයවූ ඔහු බුරුමයේ අතිශ්‍ය ජනප්‍රිය පුවත්පතක කර්තෘවරයෙකු විය.
1988 වනවිට ‘වින් ටින්‘  විසින් අවුන් සාන් සුකී නායකත්වය දුන් බුරුමයේ විපක්ෂයේ (NLD) ක්‍රියාකාරීත්වයට විශාල සහයෝගයක් ලබාදුන් අතර 1989 දී බුරුම හමුදාව විසින්  ඔහුව සිරබාරයට ගන්නා ලදී. අවුරුදු 3කට පසුව ඔහුගේ සිර කාලය නැවතත්   දිර්ඝ කරන ලදී. ‘ වින් ටින් ‘ ගේ සිරගෙදර ජීවිතය ඉත්මත් දුෂ්කර වූ අතර කායික වශයෙන් මානසිකවද දැඩි පීඩාවන්ට  ලක්වන්නට ඔහුට සිදුවිය. හමුදා සුනඛයන්ට තනන ලද සිරකුටියක ඔහු රඳවා තැබූ අතර කියවීම සඳහා අවැසි කිසිවක් ඔහුට නොදී එවා ඔහුගෙන ඈත් කර තබන  ලදී.
අවුරුදු 19 කින් පසු 2008 වසරේදී ඔහුව නිදහස් කල අතර ඉන් පසුත් ඔහු සිරගෙදරදී හැද සිටි නිල ඇදුම නිවසේදීත් හැද සිටියේය. ඒ අනෙක් සිරකරුවන් වෙත දැක්වූ සහයෝගය සංකේතවත් කිරීම වෙනුවෙනි.
උපුටා ගැනීම – globalvoicesonline.org