බෙහෙත් සඳහා පඩි නැඟ , පෝලිමේ ලැග හෙම්බත්වන රෝගීන්ගේ අදෝනාව

0
107

මීගමුව  මහ  රෝහලේ   තමන්ට  අදාළ බෙහෙත්  ගැනීමට මහ  යුද්ධයක්   කළ යුතුව  ඇත.  රෝගීන්  මැසිවිලි  නඟන්නේ  මෙවැනි  උස්  තැනක  බෙහෙත්   දීමට
යොදාගත්  නිසා   වෙනත්  රෝග  හැදෙන්නට  එය  හේතුවක්  වන  බවයි.   පාන්දර   නැගිට  දුර බැහැර  සිට  එන  ජනයා  විශේෂයෙන්  මේ  තත්වය   හොඳින්
අත්දකිති. ඔවුන්  පවසන  ආකාරයට  වෛද්‍යවරයා  හමුවී  තුන්ඩුව  ලියාගත් පසු   තරප්පු  පෙළ  දිගේ  ඉහලට  නැග  හිටගෙන  පෝලිමේ  සිටිය  යුතුය.
හිඳ ගැනීමට  පුටු  තිබුණ ද   මේවා  පැමිණෙන  රෝගීන්ට  අනුව   ප්‍රමාණවත්  නැත.  තමන්ට  කොතරම්  අපහසුතා  තිබුණ  ද   ඒවා  ගැන  ප්‍රසිද්ධියේ  කතාකිරීමට
ඔවුන්  නොපෙළඹෙන්නේ    එසේ  කළහොත්   ප්‍රශ්න  ඇතිවේය  යන  බිය  නිසාය. ඒනිසා   එකිනෙකා  තැන් hosතැන්වල  සිට  කසුකුසු  ගාමින්  තම  විරෝධය
ප්‍රකාශ  කරති.  විවිධ  වර්ගයේ  රෝගීන්  තම  බෙහෙත්  අවශ්‍යතාවය   සපුරා ගැනීම  උදෙසා  තමන්ට  ඇති  රෝගයේ  ස්වභාවය  අමතක  කරති.  මේ  අනුව  අධික
රුධිර  පීඩනය,  හදවත්  රෝග,  දනිස්  අමාරු  ඇති  රෝගීන්  යනාදී  වශයෙන් මෙම  ස්ථානයට  පැමිණෙන  රෝගීන්  හදුනා  ගතහැක.

මෙහිදී  මතුවන  ප්‍රශ්නය වන්නේ   පහළ  ඇති  හිස්වූ  කාමර  , හිස්වූ  ස්ථාන   යොදා  නොගන්නේ  මන්ද  කියාය.
එක්  ස්ථානයක  කව්දෝ   පැමිණ  රෙදි  වගයක්  දමා  විකුණන අයුරු  සමහර දිනවල දකින්නට ලැබේ.20180710_120248