බේරුවල මාළු කිලෝ ලක්ෂ 6 ක් මිගමුවට ..

0
544

tuna-fish-fishing-market-beruwala-harbour-sri-lanka-tuna-fish-fishing-market-beruwala-harbor-sri-lanka-cut-cleaned-103864046බේරුවල ධීවර වරායට  ඉකුත් දින 7  තුළ  යාත්‍රා මගින් රැගෙන  ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල  වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා පවසා ඇති බ ව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ඉකුත් මස 27 වැනි දින සිට ඊයේ  2 දින දක්වා යාත්‍රා 72 කින්  කිලෝ 6 ලක්ෂ 36407 ක් මත්ස්‍ය තොග බේරුවල  ධීවර වරාය වෙත ලැබී ඇතැයි මුදලිගේ මහතා පැවසු බවද එහි සඳහන්ය

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳසැල සහ අනෙකුත් සියලුම මාළු වෙළඳසැල් වසා තිබීම හේතුවෙන්  මාළු තොග අස්වැන්නෙන( 95%) ක්  එලෙස කරවල සඳහා අලෙවි කළ බවත්,  ඉතිරි   5%  ධීවර සංස්ථාවට හා අනෙකුත් මාළු ව්‍යාපාරිකයින් සඳහා අලෙවි  කළ  බව මුදලිගේ මහතා වැඩිදුරටත් පවසා තිබුණි.
මේ අතර මිගමුවේ කරවල නිෂ්පාදනය කරන ප්‍රජාව පවසා සිටින්නේ මෙසේ නිෂ්පාදනය කරනු ලබන කරවල අලෙවි කරගැනිම සදහා නිසි වැඩපිළිවෙලක් සැකසෙන්නේ නැතිනම් ඔවුන් බරපතල අර්බුදයක හිරවෙන බවය.
ඇතැම් කරවල වර්ග සතියක් ඉක්මවා තබාගත් පසු දුර්වර්න වන බවත් ඉන්පසු අලෙවි කිරිම පවා ගැටළු සහගත වන බවත් ඔවුන් පවසති