බොදුණුවෙකු හා කිතුණුවෙකු අතින් නිර්මාණය වූ දලුපත පිල්ලෑව හංදියේ තොරණ

0
96
දලුපත තොරණ
දලුපත තොරණ
මෙම ඡායරූපයේ පෙනි සිටින්නේ ප්‍රදීප් සංජිව(බෞද්ධ), සුරංග චමින්ද(කතොලික), සෙමුතු දර්ශන(කතොලික) සමග ළමයෙකු වඩා ගෙන සිටින්නේ මෙහි මුලිකත්වය ගෙන කටයුතු කල සුරංග රොහාන් යන අයයි.
අවුරුදු 25 නොකඩවා මීගමුව දලුපත පිල්ලෑව හංදියේ ශු.අන්තොනි මුනිතුමාගේ  වාර්ෂික මංගල්‍යය නිමිති කොට ගෙන මෙම ස්ථානයේ ඉදිකළ තොරණ කාගේත් සිත් පැහැර ගත්තා.
නමුත් වර්ෂ 09 තුල මෙම ස්ථානයේ වර්ෂික මංගල්‍යය වෙනුවෙන් තොරණක් ඉදිවුයේ නැහැ. නැවත බෞද්ධ තරුණයකුගේ මුලිකත්වයෙන් තවත් තරුණයන් තිදෙනෙකුගේ සහයෝගයෙන්  මෙම ස්ථානයේ 2015 වාර්ෂික මංගල්ලය වෙනුවෙන් තොරණක් ඉදි කෙරුණ.
තොරණ වම් පසින් ශු.අන්තොනි මුනිතමාගේ ශ්‍රී දිව ධාතුත් ඇතුලු එතුමා සම්බන්ධ පැරණි ස්ථාන,මැද කොටසින් ජෙසු තුමා සමග සිටින ඡායාරූපයේ නිරුපිත දේ වල තෙරුමත්, එතුමා විසින් කරන ලද අසිරිමත් ප්‍රතිහර්‍යයන් සිදිධින් කිපයකුත් සහා දකුණු පසින් එතුමාගේ ජිවිත කථාවත් නිරූපනය කර ඇත.
මෙම ස්ථානයේ ශු.අන්තොනි මුනිතුමා ගැන නොදන්නා දෙවල් මෙහි ඇතුළත් කර ඇතිබව මෙහි නැරඔු කිප දෙනෙක් පවසනු ඇසුනා.
මෙම කුඩා තොරණ ඉදිකිරීම මගින් ලබන අවුරුද්දේ සිට නැවත තොරණක් ඉදි කිරීමට උනන්දුවක් මේ අසල සිටි පිරිසට ඇති වු බව දැනගන්නට ලැබුණා.

 

දලුපත – පීටර් අප්පුහාම්  විසිනි.