බොරු මවන කාවින්දගේ ෆේස්බුක් දේශපාලනයට එජාප මන්ත්‍රීවරුන්ගේ විරෝධය

0
78

54419100_1190259151147310_6399483854947614720_n
  (7.48 pm)මීගමුවේ එක්සත් ජාතික  පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද පෙරවරුවේදී  නියෝජ්‍ය ඉඩම් අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා හමුවීමට ගොස් තිබුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ රජයේ ඉඩම් වල පදිංචිකරුවන්ගේ  ඔප්පු පිළිබද ගැටලුවක් ඉදිරිපත්කිරීම සදහායි. මෙම අවස්ථාවට ආරාධනාවකින් තොරව පැමිණ ඇති පා.මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා සහ ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී මංජුල දල්පදාදු යන අය මෙම සාකච්ඡාවට අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකරමින් එම ස්ථානයේ ඡායාරූප ගැනීමක්ද සිදුකළ බව නාගරික මන්ත්‍රී සුමිත් ප්‍රනාන්දු මහතා පවසයි. පා.මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට තමන් කිසිදු ආරාධනාවක් මෙම සාකච්ඡාව සදහා නොකළ  බවත් මේ ආකාරයට ඡායාරූප ගෙන මීගමුව එජාප මන්ත්‍රී කණ්ඩායම සමග ඔහු සාමාකාමීව කටයුතු කරන බවට ඇගවීමට දරන  උත්සහාය හෙළාදකින බවත් නා.මන්ත්‍රී සුමිත් ප්‍රන්නාදු පවසයි. මෙම සාකච්ඡාවට තමන් කිසිසේත් කාවින්ද මන්ත්‍රීවරයාට ආරාධනා නොකළ බවත් ඔහු බලහත්කාරයෙන් මෙම ස්ථානයට පැමිණ මීගමුව ජනතාවගේ සංවර්ධන ගැටළුවකට තමන් දායක වූ බව ෆේස්බුක් හරහා ව්‍යාජ ප්‍රචාරයක් කර ඇති බව මීගමුව එජාප  මන්ත්‍රීවරුන් පවසති. මේ මතඛේදයට හේතුවී ඇත්තේ මීගමුවේ එජාප සංවිධායකධූරය හදිසියේම වෙනස් කොට කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට ලබාදීම වන අතර ඒ ක්‍රීයාව මීගමුව   එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් තරයේ හෙළාදකින අතර එම විරෝධය දිගටම ගෙනයන බව සුමිත් මන්ත්‍රීවරයා මීපුර වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී. මේ වන විට මංජුල දල්පාදු විසින්  සමාජ මාධ්‍ය හරහා අද දිනයේ ගන්නා ලද ඡායාරූප ප්‍රචාරය කිරමින් ජනතාව මුලාකිරීමක යෙදී සිටින අතර මෙම අශෝභන ක්‍රීයාව  මන්ත්‍රී කණ්ඩායම විසින් හෙළාදකින බවද  ඔහු ප්‍රකාශ කරන ලදී.

https://soundcloud.com/kumari-fernando/glrgcvtph1e4