බොස්කෝ නිවාස පුරයේ වැසිකිලි පද්ධතිය අබලන්, නිසි වගකිවයුත්තෙක් නෑ??

0
402

viber image 2019-03-28 , 01.17.46   (7.30am)2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය හමුවේ මීගමුවේ අවතැන් වූ ධීවර ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණ කීපයක් ඉදිවූ අතර ඉන් එක් ප්‍රධාන නිවාස සංකීර්ණයක් වන්නේ දොන් බොස්කෝ නිවාස පුරයයි. මෙම නිවාස සංකීර්ණය ජනතාවට ප්‍රධානය කරන ලද්දේ දොන් බොස්කෝ නිකායික පියවරුන් විසිනි.
මෙහි නිවාස සහිත තට්ටු නිවාස 13ක් තිබෙන අතර ඒවායේ පවුල් 200ක් පමණ ජීවත්වේ.
මෙම නිවාස වල මෙම ජනතාව පදිංචි වී මේ වනවිට වසර 10ක් පමණ ඉක්ම ගොස් ඇත. සමහර නිවාස වල මේ වන විට පවුල් කීපයක් ජීවත් වන අතර මේ වන විට ඔවුන්ගේ සමාජ හා අාර්ථික ප්‍රශ්න රාශියකට උරුමකම් කියයි.
මේ වන විට මෙම නිවාසීන් මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ මෙම නිවාස වල පොදු පහසුකම් වල නඩත්තුවයි. වැසිකිලි පද්ධතියේ අප ජලය අඩංගු භූගත ටැංකි මේ වන විට අබලන් වී ඇති අතර මේවා⁣යේ නඩත්තු කටයුතු වෙනුවෙන දරන්නට වන විශාල මුදල ් වියදම් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. මීගමුව නගර සභාව විසින් බදු මුදල් වලින් මෙම ජනතාව නිදහස් කර ඇති අතර නගර සභාව මෙම ජනතාව සම්බන්ධයෙන් වගවීමක් නොමැත.
මේ වනවිට වැසිකිලි වල අපද්‍රව්‍ය හැමිල්ටන් ඇලට ද එක්වී ඇති බවටද සැකයක් ජනතාව අතර පවතියි. මෙම නිවාස සංකීර්ණය ඉදිකරන ලද්දේ නර්ඩ් ආයතනය විසින් වන අතර අරමුදල් සැපයූවේ බොස්කෝ ආයතනය විසිනි. මේ වනවිට කිසියම් නඩත්තු කටයුත්තක් ⁣සිදුවෙනවා නම් නර්ඩ් ආයතනයට මෙන්ම වෙන ඕනෑම ආයතනයකට මුදල් ගෙවිය යුතු වන අතර.විශාල නඩත්තුවක් සඳහා කිසිද්‍ර ආකාර⁣යේ හැකියාවක් මොවුන් සතුව නොමැත. මේ වනවිට බොස්කෝ ආයතනය ද මෙහි නඩත්තු කටයුතු සඳහා මැදිහත් නොවන බව මෙම ජනතාව පවසයි. එබැවින් වැසිකිලි පද්ධතිය මෙන්ම නිවාස සංකීර්ණයේ ඇතිවන ප්‍රධාන නඩත්තු වලදී කිසියම් ආයතනයක පිහිට පැතීමට සිදුවන බව ඔවුන් පවසයි.