බෝට්ටුවලින් රටපනින්න හැදු 20 ක් නාවික හමුදා අත්අඩංගුවට ..

0
135

නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ 2021 අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ

වයඹ නාවික විධානය මඟින් සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ විශේෂ මාර්ග භාධකයක් යොදා සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ත්‍රීරෝද රථ 04 ක් පරීක්‍ෂාවට ලක් කර තිබුන අතර එහිදී සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී එම ත්‍රීරෝද රථ තුළ ගමන්ගත් පුද්ගලයින් 20 දෙනෙක් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා මෙලෙස ත්‍රීරෝද රථ මඟින් සිලාවතුර මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බවට අනාවරණය විය.
එම පුද්ගලයින් පිරිස සහ ත්‍රීරෝද රථ 04 නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 20 දෙනා අතුරින් පිරිමි පුද්ගලයින් 14ක්, කාන්තාවන් 04 ක්, වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙකු සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙකු ද විය. මෙම පිරිසෙන් පුද්ගලයින් 09 ක් මුලතිව් ප්‍රදේශයේද, 04 දෙනෙකු යාපනය ප්‍රදේශයේද, 04 දෙනෙකු මන්නාරම ප්‍රදේශයේද, වාලච්චේනය, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවලින් එක් පුද්ගලයෙක් බැගින් සිටි බවට හඳුනා ගන්නා ලද අතර, මෙම නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුද මෙම පිරිස අතර සිටින බවට නාවික හමුදාව සැක කෙරේ.
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් පිරිස මන්නාරම පොලිසියට භාර දි තිබුන අතර උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප ලබාදි තිබේ.
මිලග නඩුව මැයි 08 වෙනිදාට යෙදි තිබේ

මෙලෙස නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් පිරිස සහ ඔවුන් පැමිණි ත්‍රීරෝද 04 ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි. තවද, 2021 මාර්තු 11 වන දිනද නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් නාවික හමුදා භාරයට ගත් අතර, මෙවැනි නීති විරෝධී සංක්‍රමණික කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බව නාවික හමුදා වෙබ් අඩවියේ පුවතක් විසින්ද අවධාරණය කර තිබේ.

මුලාශය – Navy.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here