බෝතල් 43ක් සමඟ ‘ගණිත ගුරා’ එයාර්පෝට් පොලීසියට මාට්ටුවේ

0
97

විදේශයෙන් ගෙනෙන ලද මත්පැන් බෝතල් 43ක්  ගුවන්තොටුපලේ සිට පිටතට ගෙනයමින් සිටියදී  ගුවන්තොටුපොල පොලීසිය විසින් අද  උදේ 10.30ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. කටුනායක ගුවන්නොටුපලේ රේගු විවිකාගාරයේ වාහන අංගනයේ සිට මෙම මත්පැන් බෝතල් පිටතට ගෙනෙමෙන් තිබියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ජාඇල සහ මිනුවන්ගොඩ  ප්‍රෙද්ශයේ ජීවත්වන  පුද්ගලයන් වෙති. එක් පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයේ උපකාරක පංතියක ප්‍රසිද්ද ගණිත ගුරුවරයෙකු බවද වාර්තා වේ.
කාලයක සිට මෙම මත්පැන් බෝතල්  ගුවන්තොටුපොල මගී පර්යන්තයේ තිරුබදූ රහිත වෙළද සැල්වලින් හා එහි අවට ඇති ගොඩනැගිලි වල උපක්‍රම ශිලිව සගවා   නැවත වාහන වලට දමා රැගෙන යමින්  දීර්ඝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව  සිදූ කර ඇති බවට කරන ලද පරික්ෂණ වලදී හෙලිවි ඇති බව පොලිසිය සදහන් කරයි.
සැක කරුවන් දෙදෙනා මිගමුව අධිකරණය වෙත ඉදිිරිපත් කිරිමෙන් අනතුරුව එක් පුද්ගලයෙකුට රුපියල් පනස් පන්දහසක  බැගින් දඩ මුදලක් ගෙවන ලෙස මිගමුව මහෙස්ත්‍රාත් දූශ්ෂන්ත එපිටමුල්ල මහතා නියෝග කළේය.

මෙම සැක කරුවන් අත් අඩංගුවට ගැනිම , උප පොලිස් පරික්ෂක ජයරත්න මහතා ඇතුළු ර ගුවන්තොටුපොල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න කොබ්බැවල මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහ පොලිස් පරික්ෂක දොලමුල්ල, උප පොලිස් පරික්ෂක ජයරත්න සිල්වා, පො. කො.  දිසානායක, පො. කො. අෙබිවර්ධන  සම්පත් පො.කො. වෙදගෙදර යන නිළධාරින්ගේ සහභාගීත්වයෙන්  මෙම වැටලීම සිදූකරන ලදී.
image-0.02.01.ad1d00dacbc22a7135cd2bb5c8031f9e1a8b4147d305afc5b6d2be0bd717b83a-Vඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here