බෝම්බය බංකොලොත් දේශපාලන පක්ෂ වලට හිඟන්නාගේ තුවාලයක් වගේ

0
98

peace
ප්‍රමාදවී හෝ රජය (පොලිසිය – ත්‍රිවිධ – හමුදාව හා බුද්ධි අංශ) ක්‍රියාත්මක වී මෙම අන්තවාදීන් අතුගා දැමීමේ මෙහෙයුම දැනටමත් සාර්ථකව සිදුවෙමින් පවතී.
නොබෝ දිනකින් අලගිය මුලගිය සියලු තැන් මුලින්ම උගුලා දමනු නොඅනු මානය සියල්ල යථා තත්වයට පත්වනු ඇත.
එය සියලු ජාතීන් බහුතරයගේ අපේක්ෂාව වුව ද බංකොලොත් දේශපාලන පක්ෂ මෙයට අකමැති ය.

සිඟමන් යැදීම සඳහා ගඳ ගහන, සැරව ගලන, තුවාලයක් හිඟන්නෙකුට අවශ්‍ය වන්නේ ය.
එසේ නොමැති වූ විට කිරිවලින් පෙඟවූ ගඳ ගහන කරෝල කෑල්ලක් කකුලට තබා බඳින බව මා අසා ඇත.
මේ සිදු වන්නේ ද එවැන්නෙකි.
මේ ගැටුම සමථයකට පත්වූ විට, “රට බේරාගැනීමේ” සුපුරුදු සටන් පාඨය අහෝසි වන්නේය.
ඒ සඳහා මේ ගැටුම මැතිවරණයක් දක්වා පවත්වාගෙන යා යුතු ය.
සමස්ත මුස්ලිම් විරෝධයක් ගොඩ නගන්නේ ඒ නිසාය.
මුස්ලිම් කඩ වර්ජනය කිරීමෙන්, මුස්ලිම් ජනයා දෙස පිළිකුලෙන් හෝ වෛරයෙන් බලන තැනට ජනතා මනස සකස් කරන්නේ ඒ නිසා ය.
දැනට මෙම අන්තවාදී සුළු පිරිස මර්දනය කිරීම සඳහා තොරතුරු ලබා දෙමින් සහය දක්වන්නෙ මුස්ලිම් ජනතාවය.
මේ උත්සාහ දරන්නේ ඒ පිරිස ද අන්තවාදීන් ගොඩට තල්ලු කිරීමක්ය,
නැත හොත් ඉදිරියේදී ඒ සහය නොලැබෙනු ඇත ගැටුම ඉදිරියට ඇදී යන්නේ එවිට ය.

රජය විසින් නිවන මේ ගින්න නැවත ඇවිලවීම සඳහාම මුදල් ගෙවා ක්‍රියාත්මක වන ප්‍රධාන ජනමාධ්‍යයන් මේ බංකොලොත් දේශපාලන පක්ෂ සතුය
ඊට අමතරව ඒ වෙනුවෙන්ම සකස් කරන ලද facebook ගිණුම් ද දහස් ගණනකි.

මෙම ගැටුම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වන්නේ එලෙසින් ය.

“වීරයෙක් බිහිවීම සඳහා දුෂ්ටයෙක් අවශ්‍ය වන්නේය.
එසේ නැතිනම් දුෂ්ටයෙක් නිර්මාණය කළ යුතුය.
නැතහොත් දුෂ්ඨයා දුබල නම් ඔහු ප්‍රබලයෙක් කළ යුතුය.”
සිනමාවේ බහුලව දක්නට ලැබෙන මේ කතාව සැබෑ ලෝකයේදී දේශපාලකයින් විසින් රඟදක්වනු ලැබේ.

බලය ලබා ගැනීම හා පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම විනාශයක්, ලේ වැගිරවීම හා මනුෂ්‍ය ඝාතනයක් දේශපාලඥයින් විසින් සිදුකරන බවට ඉතිහාසය පුරා සාක්ෂි ඇත.

“ඔබේ රට අනතුරේ යන ව්‍යාජ ය ගොඩ නගන්න. මිනිසුන් බිය උනාම ඔවුන් පාලනය කරන්න හසුරවන්න පහසු යි ”
හිට්ලර් පවසා ඇත්තේ ඒ නිසාය.
ජනතාව අතර ගැටුම් වැඩිවන තරමටදේශපාලඥයන් කැමති ය.
දේශපාලන පක්ෂවලට, ජාති, ආගම් වලට ඇති අන්ධ භක්තිය දුරු කළ විට මේ සත්‍යය ජනතාවට පෙනේවි.

මෙය තේරුම් ගන්නා තුරු අපේ රටට
යහපතක් වන්නේ නැත.


ඒස්. ඩබ්ලිව්. වන්නිආරච්චි
මිලානෝ