මියගිය අයගේ පවුල් සහ තුවාල ලැබූ අයගේ පවුල් වලට ගොස් ඒ අයගේ මානසික තත්වයට අදාල කටයුතු අපේල් 22 දින සිටම ක්‍රියාත්මක කළ බවත්, මෙය මාස තුනක පමණ දිගුකාලීන වැඩසටහනක් බවත් ඇය සදහන් කළාය
මේ සියළු කටයුතු සංවිධානය කිරීම සඳහා මැදිහත්වන්නේ පවුල්සේවා අධ්‍යක්ෂක ක්ලෝඩ් නෝනිස් පියතුමාය. එමෙන්ම තවත් පියතුමන්ලා සහ කන්‍යාසොයුරියන් කිහිපදෙනෙකු සමඟ ඊයේ දින ඒ සඳහා 35කට වැඩි පුහුණු උපදේශක වරු පිරිසක් සහභාගි වු බවත්, රාගම සහ මීගමුව රෝහල්වල වෛද්‍යවරු 20ක් 25 ක් පමණ මේ සඳහා උදව්වෙන බවත් ශිරෝමි මහත්මිය පවසයි.
මේ ගැන අදහස් දැක්වූ ශිරෝමි ප්‍රනාන්දු මහත්මිය
අද මේ පවුල් තුළ පවතින තත්වය ඉතාම කණගාටුදායකයි. ඔවුන් නිතරම බියෙන් පසුවෙනව. දියවැඩියාව, හාදරෝග ඇති අයට එම රෝගී තත්වයන් වැඩිවෙන තත්වයක් තමයි තියෙන්නෙ. ඔවුන් පල්ලිය කිව්ව සැණින් බයවෙනව. අපි ගෙවල්වලට යනකොට සිස්ටර් ලගෙ වේල් එකක් දකිද්දිත් බයයි. කන්නබෑ, රස්සාවක් කරන්න බෑ, දරුවන්ව ස්කෝලෙ යවන්න බෑ. මේ අනුව ප්‍රදේශයේ සාමාන්‍ය ජනජීවිතය අඩාලයි.
මෙම උපදේශන කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා තාවකාලිකව ස්ථානයක් කුලියට ගෙනඇති ඇති අතර කටුවපිටිය ප්‍රදේශයේ වැඩිම හානියක් සිදුවී ඇත්තේ සෙබස්තියන් මාවතේ වන බැවින් මෙම උපදේශන ක්‍රියාවලිය සඳහා ස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේද මෙම මාවතයි.
කෙසේ නමුත් පවතින තත්වය සමහන් වී ජන ජීවිතය යථා තත්වයට පත්වීමට යම්කිසි කාලයක් ගන්නා බවනම් පැහැදිළිය.
නමුත් අප ඔවුන්ට නීරෝගී සුවය ඉක්මණින්ම ලැබේවායි හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරමු.
මෙම ප්‍රහාරය හේතුවෙන් මිගමුවේ අවට ප්‍රදේශවල 113 දෙනෙකුට ජිවිත අහිමිව ගොස් 200ට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබුණි.