භුමිතෙල් අරගලය නිසා මිගමුවේ ධිවර සංවිධාන දෙකඩ වෙයි !

0
81

Lani 2භුමිතෙල් මිළ ඉහල දැමිමට රජය ගෙන තින්දුවත් සමගින් මීගමුවේ මෙන්ම රටපුරා ධිවර සංවිධානයන් සංවිධනාත්මක විරෝධයන් පළකිරිම සදහා පෙළගැසෙන්නට විය.
මීගමුවේදි මෙහි මුලිකත්වය ගැනිමට උත්සාහ කළ බව පෙනුනේ වැල්ලිවිදියේ ධිවර ඒකාබද්ධ සංවිධානයයි.
එහෙත් මේ අය විසින් මෙහි මුලිකත්වය ගැනිම ගැන මිගමුවේ අනික් ධිවර සංවිධානවල පැවැතියේ බරපතල විරෝධයකි.
මෙයට ප්‍රධානතම හේතුව වි තිබුනේ මිට පෙර පැවැති වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පැවැති දැවැන්ත විරෝධයේදි එකාබද්ධ ධිවර සංවිධානය විසින් ඒ සටන පාවා දුන්නා යැයි පැවතුන විරෝධය සහ චින රජයෙන් ධිවර අමාත්‍යංශය මගින් ලැබුන ලක්ෂ 430ක්ට ලබාගෙන තිබිමයි.
එමෙන්ම ලංසා පවුල හා ඒකාබද්ධ ධිවර සංවිධානය හා පවතින සමිප සම්බන්ධතාවයද මෙකි විරෝධයන් සදහා හේතුවි පැවැතුණි.

මහපාර හරස් කොට විරෝධයේ යෙදුන ධිවරයන් පිරිසක් දායන් හා සාකච්ජාවක්

එමෙන්ම නිමල් ලංසා විසින් පසුගිය දිනක ධිවරයන්ව සදුදා පාරට බස්සවන බවට කරන ලද ප්‍රකාශය ගැනද ධිවර සංවිධාන අතර පැවැතියේ විරෝධයකි.
මේ සියල්ලේ ප්‍රතිඵල නිසා පසුගිය සදුදා විරෝතාවයේදි එක් කණ්ඩායමක් පල්ලියේ පියතුමන්ලාවද ගණන් නොගෙනමින් මහපාරේ විරෝධයන්ට එක්ව තිබුණ අතර තවත් පිරිසක් එයට සහභාගි වෙනන්නට ගොස් තිබුනේ නැත.