භුමිතෙල් මිළ අඩුනොකිරිම ගැන ධීවරයෝ මැසිවිලි නගති..

0
243

ඉන්ධන මිළ රජය විසින් අවස්ථා දෙකක්දි අඩුකළද භුමිතෙල් මිළ අඩුනොකිරිම සම්බන්ධයෙන් ධිවරයෝ මැසිවිලි නගති.

බුමිතෙල් මිළ අඩුකරන ලෙසින් මිගමුවේ ධිවරයෝ මාස ගණනක් පුරාවට විරෝධතාවයක නියැලි සිටියද රජය පැත්තෙන් කිසිදු සහනයක් ලැබුනේ නැත.

මිගමු වැල්ලේදි මිපුරට අදහස් දක්වමින් ධිවරයන් කියා සිටියේ භුමිතෙල් මිල වැඩවිම මෙන්ම පවතින භුමිතෙල් හිඟයද හේතුවෙන් ඇතැම් ධිවරයන් දැන් භුමිතෙල් වලට පෙට්ට්‍රල් කලවම් කොට බෝට්ටු ධාවනය කරන බවය.

හාල්මැස්සන් බහුල වශයෙන් අසුවන මේ කාලයේ සිය රැකියාව කැමති පරිදි කරගෙන යාමට මේ භුමිතෙල් ප්‍රශ්ණය දරුණු ලෙස බලපා ඇතැයි ඔවුන් කියා සිටිති.