භුමිතෙල් මිළ දිගටම ඉහලට ! සුළු ධිවරයා වල පල්ලට …..

0
135

ඉන්ධන මිළ රජය විසින් අවස්ථා දෙකක්දි අඩුකළද භුමිතෙල් මිළ අඩුනොකිරිම සම්බන්ධයෙන් ධිවරයෝ මැසිවිලි නගති.

බුමිතෙල් මිළ අඩුකරන ලෙසින් මිගමුවේ ධිවරයෝ මාස ගණනක් පුරාවට විරෝධතාවයක නියැලි සිටියද රජය පැත්තෙන් කිසිදු සහනයක් ලැබු නොතිබුන අතර මෙවර රජය යළිත් වරක් භුමිතෙල් මිළ වැඩිකිරිම හේතුවෙන් සුළු ධිවරයෝ බරපතල අවුලකට පත්ව සිටිති
භුමිතෙල් ලිටරයක් මිළ රජය විසින් යළිත් වරක් රු 25 කින් වැඩිකර තිබිම හේතුවෙන් දැන් ලිටරයක මිළ රු 365 ක් ලෙස පවති.කුඩා බෝට්ටු ධිවරයන් හට දිනකට අවම වශයෙන් භුමිතෙල් ලිටර් 50 කට ආසන්න ප්‍රමාණයක් අවැසිය. රජය මෙවර මිළ වැඩිකිරිමත් සමගින් දිනක රැකියාව සදහා තවත් අමතර මුදලක් වැය කිරිමට සිදුව තිබේ

මිගමු වැල්ලේදි මිපුරට අදහස් දක්වමින් ධිවරයන් කියා සිටියේ භුමිතෙල් මිල වැඩවිම මෙන්ම පවතින භුමිතෙල් හිඟයද හේතුවෙන් ඇතැම් ධිවරයන් දැන් භුමිතෙල් වලට පෙට්ට්‍රල් කලවම් කොට බෝට්ටු ධාවනය කරන බවය.

හාල්මැස්සන් බහුල වශයෙන් අසුවන වෙමින් තිබුන කාලයේ සිය රැකියාව කැමති පරිදි කරගෙන යාමට මේ භුමිතෙල් ප්‍රශ්ණය දරුණු ලෙස බලපා ඇතැයි ඔවුන් කියා සිටිති.