මංකුලියේදී මාලු වෙළෙදුන් සහ රථවාහන පොලීසිය අතර ගැටුමක්

0
71

අප්‍රෙල් 04 වනදා උදේ 7.30 ට පමණ මීගමුවේ මංකුලියේ දූව මීසමට අයිති ලෙල්ලමේ
ධීවරයින්  මංකුලිය ලෙල්ලම ආසන්න ප්‍රධාන මාවතේ උද්ඝෝෂනයක නිරත විය. එහිදී මාලු වෙළෙදුන් හා මීගමුව රථවාහන පොලීසිය අතර ගැටුමක් ද ඇතිවිය.  එයට හේතුව වූයේ එම ලෙල්ලමට මාලු රැගෙන යාම සදහා පැමිණ තිබූ ශීතකරණ සහිත ලොරි රථ
වලට එම ස්ථානයේ නැවැත්වීමටත් මාලු මිලදී ගැනීමට පැමිණී යතුරු පැදි එම ස්ථානයේ
නවතා තැබීමට විරුද්ධව මීගමුව රථවාහන පොලීසිය කටයුතු කිරීමයි. එහිදී  මීගමුව රථවාහන
පොලීසිය විසින් වාහන වල රියදුරන්ගේ  රියදුරු බලපත්‍ර ලබාගෙන තිබුණි. එයට විරෝධය පල කළ මාලු වෙළෙදුන් පිරිස  තමන් අළෙවි කිරීමට ගෙන තිබූ මාලු පාරට විසිකරමින්  උද්ඝෝෂණයක නියලුනහ. එම අවස්ථාවේදී මෙම මංකුලිය ලෙල්ලම අසල ප්‍රධාන මාර්ගය ටික වේලාවක තදබදයක් ඉසිලීය. මේ සම්බන්ධයෙන් පොලීසිය පැවසූවේ මෙම ලෙල්ලම අසල මාර්ගයේ මාලු වෙළදාමේ යෙදෙන වෙළදුන්ගේ රථවාහන නිසාත් මාලු මිලදී ගැනීමට පැමිණෙන මිනිසුන්ගේ රථ වාහන නිසා එම මාර්්ගයේ ගමන් කරන පදිකයන්ට විශාල අපහසුතාවයක් ඇති වන නිසාත් මාර්ගයේ  තදබදයක් ඇතිවී අවහිරතාවයක් ඇතිවන නිසා එය වැලැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
මාලු වෙළෙදුන්ගේ අදහස වූයේ  මාර්ග තදබදය ඇතිවිම සාධාරණ හේතුවක් වුවත් ලෙල්ලම අසල ට වෙළදාම සදහා එන වාහන නවතා තැබීමට විකල්ප ස්ථානයක් සලසා නොදී
ක්ෂනිකව මෙවැනි බාධාවක් කිරීම යුක්ති සහගත නොවන බවයි.
එම අවස්තාවේදී මාලු වෙළෙදුන් සහ මීගමුව රථවාහන පොලීසිය අතර උග්‍ර ගැටුමක් ඇතිවූ
අතර එය සමනය වූයේ  මීගමුව පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් පැමිණ රථවාහන වල
බලපත්‍ර ලබාදුන් පසුවය.