මංකොල්ලකෑම නවතා වෙඩි තබා පලා යයි

0
52

ඊයේ රාත්‍රි දංකොටුව කිරාගාර ප්‍රදේශයේ උළුමෝල් ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කෑමට පැමිණි ගිනි අවි සහිත පුද්ගලයන් දෙදෙනෙකු එම නිවස මංෙකාල්ලකෑමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී ඇත.
ඊයේ රාත්‍රි 10 ට පමණ එම නිවසට පැමිණි මෙම පුද්ගලයන්  නිවසේ සිටි අයට තුවක්කු පෙන්වා බය කර ඇතුළට පැමිණි තිබේ. පසුව නිවසේ සිටි  තවත් අයෙකු විසින් ඔවුන් යමකින් දමා ගසා කෑ ගසා ඇත. ඒ අවස්ථාවේදී කලබලවී ඇති මෙම මංකොල්ලකරුවන් දෙදෙනා වෙඩි තබමින් පලාගොස් තිබේ. එම වෙඩි පහරවල් එම නිවසේ මවට හා පුතෙකුගේ පාද වලට වැදී ඇති අතර ඔවුන් මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.10292439_830035240372544_3360952107563124825_nඡායාරූප – චන්දන ප්‍රනාන්දු