මංගලට එරෙහිව මිගමුවේ එක කතෝලිකයෙකු හෝ පාරට බැස්සවිමට ලංසලාට බැරි වෙයි ! ඒකාබද්ධෙ යළිත් පචවෙයි !

0
68

ඒකාබද්ධ විපක්ෂය දැන් බරපතල අර්බුදයකට ලක්ව තිබේ. මේ තත්වය රටට වසං කිරිම සදහා ලැබෙන හැම අවස්ථාවක්ම යොදාගෙන තමන් ඉන්නවා යැයි පෙන්වා දිම සදහා අසාර්ථක උත්සාහක නිරතව සිටි.
පසුගිය දා කාර්දිනල් හිමියන් විසින් මානව හිමිකම් එපා යැයි කියමින් සිදුකරන්නට යෙදුන අාන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබදව ප්‍රතිපත්ති මුලික  දේශපාලනික ප්‍රතිචාරයක් සිය ට්විටර් ගිණුම මගින් ගොනු කර තිබුණි.
මංගල ඇමතිවරයාගේ මේ ප්‍රකාශය මුලික කොටගනිමින් ඒකාබද්ධ විපක්ෂය විශේෂ පුවත් පත් සාකච්ජාවක් පසුගිය දිනක කැදවා තිබුණි.
එයට එක්ව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඇමති මංගලගේ ප්‍රකාශය හෙළාදැක තිබුණ අතර එයට එක්ව සිටි අරුන්දික සහ නිමල් ලංසා යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ මංගල ඇමතිතුමාගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තුරු ලබන ඉරිදා සිට පල්ලිවල විරෝධතා පවත්වන බවයි.
එහෙත් මේ සම්න්ධයෙන් අප  මිගමුවේ ගරු පියවරුන් කිපදෙනෙකුගෙන් මෙන්ම කිතුණු ක්‍රියාකාරින්ගෙන් විමසා සිටි අවස්ථාවේදි පල්ලිය විසින් කිසිදු විරෝධතාවක් සදහා තින්දුවක් ගෙන නැති බව වාර්ථා විය.
මේ අනුව ඇමති මංගලගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තුරු කතෝලික පාරට බස්සනවා යැයි කි පාර්ලිමේන්තු මන්ත්‍රි පසුව කාසය බිපු ගොළුවකුගේ තත්වයට පත්ව තිබුනේ මිගමුවේ කිසිදු කතෝලිකයෙකු ඇමති මංගලට එරෙහිව පාරට බැස්සවිමට ලංසාලා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නොහැකි වු නිසාවෙනි.
සැප් 05 වෙනිදා අසාර්ථක විරොධතාවයෙන් පසු ඒකබද්ධ විපක්ෂය ඉහලින් ඉල්ලන් කෑ අනික් අවස්ථාව වන්නේ නිමල් ලංසාගේ මේ පරාජයයි.Screenshot from 2018-09-30 10-31-34