මංඤොක්කාහේන සුසාන භූමියේ මදුරු වසංගතය ?

0
82

unnamedමීගමුව මේ වන විට ඩෙංගු වසංගතයකට  මුහුන පා සිටි සිටි.
ඩෙංගු වෙනුවෙන් වෙන් වු විශේෂිත වු රොහල් ඒකකය  පිහිටා තිබෙන්නේත් මෙම නගරයේය. නමුත් අද වන විට ඩෙංගු ආසාධිතයින් වැඩි පිරිසක් මීගමුවෙන් වාර්තා වේ.
මේ වනවිට  මීගමුව පොදු සුසාන භූමිය  වන මංඤොාඤාාහේනෙ සුසාන භූමියේද දැඩි මදුරු ග්‍රහනයක්  ඇති බව වාර්තා වේ.
සුසාන භූමිය පුරා මදුරුවන් බෝ වී ඇති අතර කසල කළමනාකරණය නිසි ලෙස සිදුවන්වාද යන්න සැකයක් මතුවේ.
එහි පිරිසිදු කිරීමේ නිරත වන සේවකයන්ද පවසන්නේ මෙම මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුව මීගමුව නගර සභාව විසින් කුණු ගෙන ඒමට ඇති ප්‍රමාදයි.
එම නිසා කොතරම් පිරිසිදුව තබා ගත්තත් මදුරු ප්‍රශ්නය දිනෙන් දින වැඩි වන බව ඔවුන් පවසති.  මෙහි කුණු එකතු කිරීම සදහා  ට්‍රැක්ටර් සුසාන භූමිය වෙත නොපැමිනීම හේතුවෙන් මදුරුවන්ගේ අඩවියක් වී ඇති සුසාන භූමිය අවට සිටින පිරිසද ඩෙංගු වැලදීමේ අවධානමට මුහුන දෙයි. එම නිසා මේ පිලිබඳව මීගමුව නගර සභාවේ   අවධානය යොමුවීම ඉතාම අත්‍යඅවශ්‍ය කටයුත්තකි.
සටහන සහ ඡායා – දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා