මක්කම වන්දනාකරුවන්ගේ වීසා මුදලට විකිනීමට ඉඩ තබන්නේ නැ – පා.ම. විදුර වික්‍රමනායක

0
389

මක්කම වන්දනාව සඳහා මෙරටින් පිටත්  වන මුස්ලිම් භක්තිකයන් සඳහා ලබාදෙන වීසා වෙනත් කාලවලදී මෙන් මුදලට විකිණිමට කිසිඳු ඉඩක් නොතබන බව බුද්ධසාශන ආගමික සහ සංස්කාතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කර තිබේ. වීසා ලබාගැනිම සම්බන්ධව  අක්‍රමිකතා සිදුවුහොත් වහාම අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබේ.  විදුර වික්‍රමනායක මහතා මෙම ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (22) මුස්ලිම් ජනතාවටට සේවා සැපයීම සඳහා පත්කළ හජ් කමිටුවේ නිලධාරී මණ්ඩලය ක්‍රියාත්මක වන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරන ලද නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.