මඟුල් උත්සව නීතියටම නොකොලොත් වැඩවරදින ලකුණු ?

0
286

කොරෝනා වසංගත තත්වය නිසා දිගින් දිගටම කල් දමා තිබුණ විවාහ මංගල්‍ය උත්සව පසුගියදා ලිහිල් කරන්නට යෙදුන සෞඛ්‍ය නිති රිති රෙගුලාසිත් සමඟින් දැන් පැවැත්විමට පටන් ගෙන තිබේ.

මංගල උත්සවයක් සඳහා උපරිම ගණන 150 ක් ලෙස රජය දැනුම් දිමත් සමඟින් යම් අස්වැසිල්ලක් ලැබු බහුතරයක් දෙනා මංගල උත්සව සංවිධානය කරමින් තිබුණද , රජය විසින් පනවන්නට යෙදුන නිතිමය සිමා නිසි ලෙසින් අනුගමනය කිරිමට අපොෙහාසත්ව ඇති බවට දැනටමත් වන චෝදනා රැසක් මත දැඩි ලෙසින් ඒවා නිරික්ෂණය කිරිමට කටයුතු කිරිමට නියමිතව තිබේ.ඒ අනුව සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.

රට පුරා සියලුම මංගල උත්සව අද (23) සිට පරීක්ෂාවට ලක් කරන බවද ඒ මහතා පැවසීය.

මේ අතර හමුදාපතිවරයාද මේ කරුණු ගැන පසුගියදා කරුණු දක්වා තිබුණි.